Indian Premier League

කොටහේනේ වෙඩික්කරුවන් ආයුධ පෙන්වන්න රැගෙන ගිය සිද්ධිය ගැන තොරතුරු රැසක් එළියට (වීඩියෝ)

කොටහේන ප්‍රදේශයේ දී ඊයේ (21) රාත්‍රියේ වෙඩි තබා පුද්ගලයෙකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ සැකරුවන් ජීවිතක්ෂයට පත්වීම ගැන පොලිසිය නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ අත්අඩංගුවට ගැනුණු මෙම සැකකරුවන් දෙදෙනා සඟවා ඇති ආයුධ සම්බධයෙන් අනාවරණයක් සිදුකර ඇති බවයි.

එම අනාවරණය මත සඟවා ඇති ආයුධ සොයා ගැනීමට සැකකරුවන් මට්ටක්කුලිය – කාක දූපත ප්‍රදේශයට රැගෙන ගොස් ඇති අතර, එම අවස්ථාවේ ඔවුන් දෙදෙනා නොසන්සුකාරීව හැසිරී කොටහේන පොලිස් ස්ථානාධිපතිවරයාගේ රාජකාරි ගිනි අවිය උදුරාගැනීමට උත්සාහ ගෙන තිබෙනවා.

එම අවස්ථාවේ දී ආරක්ෂාවන් සඳහා ගිය පොලිස් නිලධාරියෙකුගේ පාදයකට වෙඩි වැදීමෙන් තුවාල ලබා ඇති බවයි වාර්තා වන්නේ.

එහිදී ක්‍රියාත්මක වූ පොලිස් නිලධාරීන් ආරක්ෂාව සඳහා වෙඩි තැබීමක් සිදුකර ඇති අතර, එම වෙඩි තැබීමෙන් සැකකරුවන් දෙදෙනා තුවාල ලබා තිබෙනවා.

තුවාල ලැබූ එම සැකකරුවන් දෙදෙනා වහාම කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇති අතර, එලෙස ඇතුළත් කිරීමෙන් පසු ඔවුන් දෙදෙනා මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

මෙලෙස මියගිය සැකකරුවන් දෙදෙනා වයස අවුරුදු 35 සහ 32 යන වයස්වල පසුවන පිළියන්දල සහ මෝදර යන ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි පොලිසිය පැවසුවේ.

මින් 32 හැවිරිදි වියේ පසු වූ සැකකරු; වෙඩික්කරු ලෙස ක්‍රියාකර ඇති අතර, ඔහු 2015 වසරේ යුද හමුදාවෙන් ඉවත් වූ අයෙක් බවටයි හෙළිව ඇත්තේ.

මොවුන් දෙදෙනා විසින් ඊයේ (21) රාත්‍රියේ කොටහේන ප්‍රදේශයේ දුරකථන අලෙවිසැලක් තුළ දී සිදුකළ වෙඩි තැබීමෙන් පුද්ගලයෙක් ජීවිතක්ෂය පත් වුණා.

මෙලෙස ජීවිතක්ෂය පත් වුණේ 38 හැවිරිදි වියේ පසු වූ සිවලිංගම් සශිකුමාර් නැමැති පුද්ගලයෙක්.

මෙම වෙඩි තැබීමෙන් පසු වෙඩික්කරුවන් දෙදෙනා පළාගිය යතුරුපැදිය පසුපස හඹාගෙන පොලිසිය ඝාතනය සඳහා යොදාගත් T56 වර්ගයේ ගිනි අවිය ද සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
7
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුබ ගමන් සසුනිසුරාණෙනී - සුදතුම් පියාණන්ගේ අවමංගල්‍ය චාරිත්‍ර සිදුකරන්නේ මෙහෙමයි
Video thumbnail
අනේ අපේ ජනාධිපතිතුමාට අනේකවාරයක් පිං !
04:43
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම ලක්මාලි හේමචන්ද්‍ර සහ හිටපු පා.ම මහාචාර්ය ආශු මාරසිංහ සහභාගීවන කස්තිරම
01:34:40
Video thumbnail
ෆ්‍රැන්සිස් පාප්වහන්සේගේ දේහය පිළිබද අවසන් කටයුතු අදයි
01:50
Video thumbnail
🔴මෙන්න දැන් ලැබුණු උණුසුම් පුවත - හීනටියන ගමම දෙවනත් කරපු ගැස්සුනු කොකා....
01:07
Video thumbnail
‍රංජිත් හිනාවෙන්ම ආණ්ඩුවට දෙසපු සුපිරිම දෙසිල්ල
07:43
Video thumbnail
බිලියන ගාණක් මහජන මුදල් විනාශ කරලා - ගරා වැටුණු ජනාධිපති මන්දිරය
08:46
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුව සලිතවෙන අනාවැකියක් - වැඩසටහන මැද Play වුණු වීඩියෝව
13:03
Video thumbnail
ආශුගෙන් ආණ්ඩුවට ලොකු පාඩමක් උගන්වයි
12:59
Video thumbnail
ඡන්දය දුන්නත් සල්ලි තියෙනවද දෙන්න ? - රනිල්ගෙන් ආණ්ඩුවට සැර හින්ට් පාට් එකක්
15:34

?