දකුණු අප්‍රිකානු කණ්ඩායම පරාජය කරමින් කාන්තා එක්දින ලෝක කුසලානය පළමුවරට තමන් සතුකර ගන්නට ඉන්දීය කණ්ඩායමට ඊයේ (02) රාත්‍රියේ හැකියව ලැබුණා.
නවි මුම්බායි හි ඩී.වයි. පටිල් ක්‍රීඩාංගණයේ පැවති අවසන් මහා තරගයේ දී ඉන්දියාව ශූරතාව දිනාගත්තේ දකුණු අප්‍රිකානු කාන්තා කණ්ඩායම ලකුණු 52කින් පරාජය කරමින්.
වර්ෂාව හේතුවෙන් පැය දෙකක පමණ ප්‍රමාදයකින් ආරම්භ වූ අවසන් මහා තරගයේ පළමුව පන්දුවට පහරදීමේ අවස්ථාව ඉන්දියාවට ලබාදීමට කාසියේ වාසිය හිමිකරගත් දකුණු අප්‍රිකානු නායිකාව කටයුතු කළා.
ලැබුණු අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජයනය ගත ඉන්දීය පිතිකාරිනියන් පන්දුවාර 50 තුළ කඩුලු 07ක් දැවී 298ක අභියෝගාත්මක ලකුණු පුවරුවක් නිර්මාණය කළා.
අනතුරුව ඉන්දීය ක්‍රීඩිකාවන්ගෙන් හිමි වූ ලකුණු 299ක ඉලක්කය හඹා ගිය දකුණු අප්‍රිකානු ක්‍රීඩිකාවන් සියල්ල පන්දුවාර 45යි පන්දු 05ක් තුළ ලකුණු 246කට සීමා කරන්නට ඉන්දීය පන්දු යවන්නියන්ට හැකියාව ලැබුණා.
ඒ, අනුව දකුණු අප්‍රිකාව පරාජය කරමින් ඉන්දීය කාන්තා කණ්ඩායම සිය කුළුඳුල් එක්දින ලෝක කුසලානය තමන් සතුකර ගත්තා.
අවසන් මහා තරගයේ වීරවරිය ලෙස ෂෆාලි වර්මා සම්මාන හිමිකර ගත් අතර, මෙවර කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලියේ වීරවරිය ලෙස ඉන්දීය ක්‍රීඩිකා දීප්ති ෂර්මා තේරී පත් වුණා.
මෙම ජයග්‍රහණයත් සමඟ ඉන්දීය, කාන්තා සහ පිරිමි කණ්ඩායම් දිනාගත් පස්වන ක්‍රිකට් ලෝක කුසලානය මෙය වනවා.



























APATA KAURU DINUWATH OK. INDIYAWE JAYATA SUBAMA SUB. APE CHAMARILA IDIRIYATA GIYANAM API THAMA. APE THAWAMA INNE KALAKANNI 96 N PASU HARI HAMAN EKEK NETHA HON SANATH PAMANAI. EYATATH KALAKANNI EKKA HARAHATA INDALA AMARUI. DEN OK ETH PARANA UN THAWAMA SIHASUNE. I C C LOKKO UN SAMAGA.OYA VIDULI PURATH ALU GASA DAMA NEGITINNA ONEMAI. HON ANURA INNAWA. APE ETHLETICS EXCELLENT. UNANDUWA MADI. ICE LANTHAYA COOL WEDEE. KALAKANNI APAYATA GIHAMA HARIYAVI. SWABADAHAMA APE RATATA ADARAYA KARANAWA. ME PARA PT USHAGE RECORD KADALA. BAADAKA MEDA HON ANURA LASSANA RATA HADANAWAMAI.