AFC Banner
Empty Ad
Empty Ad

කුමාර් සංගක්කාරට නව වගකීමක්

ශ්‍රී ලංකා හිටපු ක්‍රිකට් ක්‍රීඩක කුමාර් සංගක්කාර මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ ලෝක ක්‍රිකට් කමිටුවේ නව සභාපතිවරයා ලෙස පත්කර තිබෙනවා.

එම කමිටුවට කුමාර් ධර්මසේන, සෞරව් ගංගුලි, ජුලන් ගොස්වාමි, හෙදර් නයිට්, සුසී බේට්ස්, ක්ලෙයාර් කොනර්, ජස්ටින් ලැන්ගර්, ඉයන් මෝගන්, රමිස් රාජා, ග්‍රේම් ස්මිත් සහ රිකී ස්කෙරිට් යන අය ඇතුළත් වනවා.

මෙම කමිටුව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයට සහ එහි සාමාජික රටවලට අනුපූරක ආයතනයක් ලෙස ක්‍රියා කරන අතර ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින ප්‍රශ්න ගැටළු සාකච්ඡා කිරීම සඳහා වසරකට දෙවරක් රැස් වෙනවා.

සංගක්කාර මීට පෙර 2019 දී මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ හි පළමු බ්‍රිතාන්‍ය නොවන සභාපති ලෙස පත් වුණා.

මේ අතර මාරිලිබෝන් ක්‍රිකට් සමාජයේ නව සභාපතිවරයා ලෙස එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක මාර්ක් නිකලස් පත්ව ඇති අතර, ඔහුගේ එම ධුර කාලය පසුගිය පළමුවනදා සිට ආරම්භ වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?