AFC Banner
Empty Ad
Empty Ad

කුමාර් ධර්මසේන තැබූ සංවේදී සටහන

කුමාර් ධර්මසේන කියන්නේ අපේ රටෙන් බිහිවුණු අති දක්ෂ විනිසුරුවරයෙක්.

අපේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් ලොකු දායකත්වයක් දුන්නු කුමාර් ධර්මසේන සොඳුරු මනුස්සයෙක්.

ඔහු තැබූ සංවේදී සටහනක් කාගෙත් අවධානයට යොමුවෙලා තිබුණා..

එම සටහන පහතින්..

එක දිගට අවුරැදු 5 ක් කිලෝමීටර් සිය ගණන් බයික් එකේ තෙමුනු මට මේ අත්දැකීම පුදුම විදිහට දැනෙනවා..

ඒ හැමවෙලේම පාරෙ නොතෙමී යන වාහන දිහා අහින්සක විදිහට බලන් හිටියෙ අල්පෙනෙති තුඩක තරම්වත් ඊරිසියාවකින් නම් නෙමේ.

ඒ හැමවෙලේම සිහින දැක්ක,, මාත් කවදහරි නොතෙමී යනව කියලා..
අද මම නොතෙමී යනවා… ඒත් අදටත් තවත් කෙනෙක් මෙහෙම ඉන්නවා දකිද්දි දැනෙන හැගීම වචන වලින් කියන්න බෑ…

මම නොතෙමී යද්දී මගේම එවුන් තෙමීගෙන එද්දී,, යද්දී පුදුම හැගීමක්…

මට උඹලත් එක්ක තෙමෙන්න බැරි වෙයි… ඒත් හදවතින් පතනව හැම මොහොතකම උඹලා හැමෝටම මාත් එක්ක නොතෙමී යන්න ඉක්මනටම..

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
274
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?