කුඩා දැරියක් සමූහ දූෂණය කළ 4කට ජීවිතාන්තය දක්වා සිර දඬුවම්

2019 වසරේ දී ඉන්දියාවේ බාලවයස්කාර දැරියක් දූෂණය කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 4 දෙනෙකුට ජීවිතාන්තය දක්වා සිර දඬුවම් නියම කර තිබෙනවා.

සිර දඬුවමට අමතරව එක් අයෙකුට රුපියල් 8,000 බැගින් දඩ මුදලක් ද නියම කිරීමටයි අධිකරණය තීරණය කළේ.

දැරියගේ පියා විසින් 2019 ජනවාරි 31 වන දින සැකකරුවන්ට එරෙහිව පැමිණිල්ල ගොනු කර තිබුණා.

පියා ප්‍රකාශ කර ඇත්තේ ඔහුගේ බිරිඳගේ ජිවිතක්ෂයට පත්ව ඇති අතර තමා දෛනිකව කුලී වැඩ කරමින් ජිවත් වන බවයි.

අදාළ දිනයේ ඔහු වැඩ නිමවී නිවසට පැමිණෙන විට 8 හැවිරිදි දියණිය අතුරුදන්ව සිටි බව සඳහන්.

ඔහු ඇය පිළිබඳ සොයා බැලීමේදී, රොහ්ටක් හි දුම්රිය අංගනය අසල කාමරයක අධික ලෙස ලේ ගලමින් සිටිනු දුටු බව පොලිසියට හමුවේ හෙළිකර තිබෙනවා.

තමා හඳුනන පුද්ගලයන් හතර දෙනෙකු, දියණිය දූෂණය කර එහි දමා ගොස් ඇති බවටයි පියා සිදු කළ පැමිණිල්ලේ දැක්වෙන්නේ.

සැකකරුවන් දැරියට කෑමට යමක් මිලදී ගෙන දෙන මුවාවෙන් ඇය රැගෙන ගොස් දූෂණය කර තිබූ බව විමර්ශනවලදී හෙළිවී තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
1
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
9
මලපනිනව !
5
කුජීතයි !
1
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?