කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති රාජකිය පණ්ඩිත කොබවක ධම්මින්ද හිමියන් ගමන් ගත් රථය ඊයේ (07) රාත්‍රියේ අනතුරට ලක්ව තිබෙනවා.
උන්වහන්සේ ගමන් ගත මෝටර් රථය මත්තල අධිවේගී පිවිසුම අසල දී මී ගවයෙකුගේ ගැටී මාර්ගයෙන් ඉවතට විසි වී මෙම අනතුර සිදුව ඇති බවයි මත්තල පොලිසිය සඳහන් කළේ.
අනතුරින් රථයේ ගමන් ගත් කොබවක ධම්මින්ද නා හිමියන්ට හෝ එහි රියදුරාට කිසිදු හානියක් සිදුව නොමැති බවයි පොලිසිය වැඩිදුරටත් පැවසුවේ.













