කිරි තේ කෝප්පයක මිල හෙට සිට ම දහයක් අඩුවෙන්

කිරි තේ එකක මිල හෙට (27) දිනයේ සිටම රුපියල් 90.00ක් වන බව ආපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් පවසනවා.

කිරිපිටි මිල අඩුවීමේ වාසිය පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් කිරි තේ එකක මිල රුපියල් 10.00ක් අඩු කිරීමේ මෙම තීරණය ගත් බව සභාපතිවරයා අද (26) කොළඹ දී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් සඳහන් කළේ.

මේ වනවිට කිරි තේ එකක මිල පවතින්නේ රුපියල් 100ක අගයකයි.

හෙට (27) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ආනයනික කිරිපිටි කිලෝග්‍රෑම් එකක මිල රුපියල් 200.00 කින් සහ ග්‍රෑම් 400ක කිරිපිටි පැකට්ටුවක මිල රුපියල් 80.00 කින් අඩු කිරීමට තීරණය කළ බව කිරිපිටි ආනයනකරුවන් පසුගිය දා සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?