කිරිපිටි මිල සංශෝධනය වෙයි

ආනයනික කිරිපිටි මිල සංශෝධනය කර ඇතැයි වෙළඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඒ අනුව ආනයනික කිරිපිටි කිලෝවක මිල රුපියල් 200කින් අඩු කර ඇති බවයි අමාත්‍යවරයා ප්‍රකාශ කළේ.

ලබන සඳුදා 15 සිට මෙම සහනය ජනතාවට හිමිවන බව ද වෙළඳ අමාත්‍යවරයා සඳහන් කළා.