කාව්‍යා ගැන අමිතාබ් බච්චන් කණගාටුවෙන්

නිමා වූ අයි.පී.එල්. තරගාවලියේ බොහෝ දෙනෙකුගේ අවධානයට ලක් වූ ජනප්‍රිය චරිතයක් බවට සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ හිමිකාරිය වන කාව්‍යා මාරන් පත් වුණා.

අවසන් මහා තරගයේ දී කොල්කටා කණ්ඩායමට එරෙහිව තම කණ්ඩායම ලැබූ පරාජයත් සමඟ කාව්‍යා කඳුලු සලමින් දුක්බර මුහුණ කැමරා කාචවලින් සඟවා ගන්නට උත්සාහ කරන ආකාරය ද බොහෝ පිරිසකගේ අවධානයට ලක් වූ සිදුවීමක් වුණා.

මේ අතර බොලිවුඩ් නළු ෂාරුක් ඛාන්ගේ සම හිමිකාරිත්වය ඇති කොල්කටා කණ්ඩායමට ඔල්වරසන් දෙමින් සියල්ලෝම කාර්යබහුල වෙද්දී, සුපිරි නළු අමිතාබ් බච්චන් සන්රයිසස් හිමිකාරිය කාව්‍යා ගැන කතා කිරීමට මොහොතක් ගත කළා.

තම කණ්ඩායමේ පරාජයෙන් පසු කඳුළු සලමින් සිටි කාව්‍යා මරාන් සම්බන්ධයෙන් “මෙගාස්ටාර්” අමිතාබ් බච්චන් මෙලෙස අදහස් දක්වා තිබුණා.

“IPL අවසන් තරඟය අවසන් වී KKR වඩාත් විශ්වාසදායක ජයග්‍රහණයක් ලබා ඇත. SRH සරලවම අභිබවා ගියේය. නමුත් නිරීක්ෂණය කිරීමට වඩාත්ම සිත් ඇදගන්නා සුළු කාරණය වූයේ SRH හි හිමිකරු, ක්‍රීඩාංගනයේදී, පරාජයෙන් පසු හැඟීම්බර වී කඳුළු සලමින්, ඇගේ හැඟීම් ප්‍රදර්ශනය නොකිරීමට, කැමරාවලින් ඇගේ මුහුණ ඉවතට හරවා ගැනීමයි.මට ඇය ගැන දුකක් දැනුනා !! කමක් නෑ.. හෙට තවත් දවසක්..මගේ රත්තරන්.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු ශිරාණි බණ්ඩාරණායක
00:52
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.07
07:22:45
Video thumbnail
ශිරන්ති ගේද්දි අධිකරණය අසලට කාන්තාවෝ එකතුවෙයි - "මැඩම්..ඩෝන්ට් වොරි..ඩෝන්ට් වොරි මැඩම්"
01:25
Video thumbnail
ඥානසාර හිමි ජම්පරේ ඇන්දා කියලා ඔප්පු කළොත් අපිත් ජම්පරේ අදිනවා - වැහුවේ එක කටයි
06:36
Video thumbnail
කාර් එකකින් ඇවිල්ලා පාරේ තිබ්බ කුණු බක්කියක් උස්සන් ගිය හැටි
00:18
Video thumbnail
සිවුර ගලවන එක ජවිපෙට ලොකු දෙයක් නෙමෙයි, ආගම ගැන කිසිම හැංගීමක් නෑ
03:02
Video thumbnail
ශිරන්ති රාජපක්ෂ අධිකරණයට රැගෙන යද්දි වෙච්ච දේ - "අපි ඉන්නවා මැඩම් වෙනුවෙන්..මැඩම්"
01:17
Video thumbnail
මහින්ද කහඳගම අපේ පක්ෂයේ නෑ - සාගර කිව්වේ බොරුවක්..?
04:44
Video thumbnail
ඥානසාර හිමිට නව සිවුරක්
00:29
Video thumbnail
අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගත් හිටපු ඇමති රෝහිත අධිකරණයට
01:05