කාවන්තිස්ස ඇතාගේ වර්තමාන සෞඛ්ය තත්ත්වය නිරීක්ෂණය කරමින් අවශ්ය වෛද්ය ප්රතිකාර හා පහසුකම් අඛණ්ඩව සැපයීම සම්බන්ධයෙන් පරිසර අමාත්ය දම්මික පටබැඳිගේ මැදිහත්වීමෙන් වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ පශු වෛද්යවරුන් එක්ව දිනපතා මාර්ගගත සාකච්ඡා පවත්වමින් කාවන්තිස්ස ඇතාගේ සෞඛ්ය තත්ත්වය පිළිබඳව විමසා බලන අතර, අවශ්ය ඉදිරි ක්රියාමාර්ග සම්බන්ධයෙන් ද සාකච්ඡා කරන බව අමාත්යාංශය පවසනවා.
ඒ අනුව පරිසර අමාත්යවරයා, පරිසර නියෝජ්ය අමාත්යවරයා, අමාත්යාංශයේ ලේකම්වරයා සහ වනජීවී අධ්යක්ෂක ජෙනරාල්වරයා පශු වෛද්ය කණ්ඩායම සමග ඊයේ (13) දිනයේ රාත්රියේද මාර්ගගත ක්රමයට සාකච්ඡාවක් පවත්වා තිබෙනවා.
මේ යටතේ, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අදාළ නිලධාරීන්ගේ සම්බන්ධීකරණයෙන් පශු වෛද්ය ගංගා, පශු වෛද්ය චන්දන, පශු වෛද්ය ධර්මකීර්ති සහ පශු වෛද්ය ඉසුරු ඇතුළු වෛද්ය කණ්ඩායම් 4 විසින් ඇතාගේ සෞඛ්ය තත්ත්වය අඛණ්ඩව නිරීක්ෂණය කරමින් අවශ්ය වෛද්ය ප්රතිකාර ලබාදීමට කටයුතු කරනු ලබයි. මේ සඳහා රාත්රී කාලයේදී ද ඇතාගේ සංචරණ රටාවන්ගේ වෙනස්වීම් නිරීක්ෂණය විශේෂ කණ්ඩායමක් යොමු කිරීමට පියවර ගෙන තිබුණා.
තවද, කාවන්තිස්ස ඇතා සැරිසරන ගල්ගමුව, ගිරිබාව, මීගලෑව ආදී ප්රදේශ ආවරණය වන පරිදි වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ක්ශේත්ර නිලධාරීන් ඉහළම අවධානයෙන් (High Alert) පසුවෙමින් අවශ්ය ආරක්ෂක හා නිරීක්ෂණ කටයුතු අඛණ්ඩව පවත්වාගෙන යන ලෙස ද අමාත්යවරයා වනජීවී අධ්යක්ෂක ජෙනරාල් රයාට උපදෙස් ලබා දී තිබෙනවා.










