spot_img
AFC Banner
Empty Ad
Empty Ad

කාන්තාවක් විසින් තවත් කාන්තාවකගේ ඡායාරූපයක් මුහුණු පොතේ පළකිරීමේ සිද්ධියක් කළ විපතක්

කාන්තාවක විසින් තවත් කාන්තාවක ලිංගික කටයුතු සදහා අලෙවි කරන බවට ඡායාරූපයක් මුහුණු පොතේ පලකිරීමේ සිද්ධියක් මුල්කර ගනිමින් ඇතිවූ ආරවුලක් දුරදිග යාමෙන් පුද්ගලයකුට ඇසිඩ් ප්‍රහාරයක් එල්ලකළ දෙදෙනෙකු සොයා පරීක්ෂණ සිදුකරන බව මතුගම පොලිසිය පවසයි .

මතුගම පින්නගොඩ හේමාලෝක මාවතේ පදිංචි කාන්තාවක විසින් තවත් කාන්තාවක ලිංගික කටයුතු සදහා මුදලට අලෙවිකරන බවට මුහුණුපොතේ පලකර ඇති බව සදහන්වේ.

ඒ අනුව දෙදෙනාගේම ස්වාමී පුරුෂයන් සහ එක් කාන්තාවකගේ පියා සමග ආරවුලක් හටගෙන ඇසිඩ් ප්‍රහාරය එල්ලකර ඇති බවට මෙතෙක් කල පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය කීය.

පොලිසිය මගහැර සිටින සැකකරුවන් දෙදෙනා නෑකමට මාමා සහ බෑනා වන බවද පොලිසිය පවසයි .

ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ මතුගම පින්නගොඩ හේමාලෝක මාවතේ පුද්ගලයකු කළුතර ශික්ෂණ රෝහලට ඇතුලත් කර ඇති බවත්, ඔහුගේ ඇස් වලට හානි සිදුව ඇති බවත් රෝහල් ප්‍රකාශකයෙක් කීය.

කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිළධාරීන් පරීක්ෂණ සිදුකරන ලදී.

මතුගම මූලස්ථාන පොලිස් පරීක්ෂක පරාක්‍රම උඩවත්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
4
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?