කාගම සිරිනන්ද හිමිගේ පන්සලේ අභිනව ධාතු මන්දිරය හොරු කඩලා – මැණික් සහ මුදල් සොරාගෙන (ඡායාරූප)

විචිත්‍ර ධර්ම කථීක කාගම සිරිනන්ද හිමියන්ගේ මූලිකත්වයෙන් ඉදිකළ ගල්කිරියාගම, පහමිණියාගම සමාධි මහා විහාරස්ථානයේ අහිනව ධාතු මන්දිරය බිඳ තැන්පත් කර තිබූ කරඩුවේ මැණික් ගල් රැසක් සහ මුදල් සොරැගෙන ගොස් තිබෙනවා.

ඊයේ (07) රාත්‍රී කාලයේ මෙම සොරකම සිදුව ඇති බවයි විමර්ශන සිදුකරන ගල්කිරියාගම පොලිසිය සඳහන් කළේ.

සොරකම සඳහා පැමිණි කිසියම් පිරිසක් හෝ පුද්ගලයෙක් ධාතු මන්දිරයේ ජනේලයක් බිඳ ඊට ඇතුළු වී ඇති බවයි සිදුකළ විමර්ශනවල දී අනාවරණය වී ඇත්තේ.

එහිදී සොරුන් විසින් ධාතූන් වහන්සේලා වැඩ සිටි කරඬූන් වහන්සේගේ කොත් කැරැල්ල ඇතුළත් කොටස බිඳ එහි තැන්පත් කර තිබූ කුඩා ප්‍රමාණයේ මැණික් ගල් 19ක් සොරාගෙන ගොස් තිබෙනවා.

ඊට අමතරව ධාතු මන්දිරය තුළ වූ පිං පෙට්ටිය ද සොරුන් විසින් කඩා එහි තිබූ මුදල් ද සොරා ගෙන ගොස් ඇති බව සඳහන්.

මෙම අභීනව තෙමහල් ධාතු මන්දිරය ඉකුත් මැයි මස 30 වනදා ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් මහ සංඝරත්නයේ මෙන්ම විශාල බැතිමතුන් පිරිසකගේ සහභාගීත්වයෙන් විවෘත කෙරුණා.

WhatsApp Image 2025 06 08 at 1.14.13 PM
WhatsApp Image 2025 06 08 at 1.14.11 PM 1
WhatsApp Image 2025 06 08 at 1.14.11 PM
WhatsApp Image 2025 06 08 at 1.14.10 PM 1
WhatsApp Image 2025 06 08 at 1.14.10 PM


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රී චන්දන ඇපමත මුදාහරියි - ගැම්මට බැහැලා යන හැටි
01:12
Video thumbnail
මුජිබුර් බිමල්ට රිදෙන්නම දෙයි - ඔයාලා තමයි දූෂිතයින්ව ගෙනාවේ
05:21
Video thumbnail
ශිරන්තිව බලන්න මහින්ද වැලිකඩට එයි
00:37
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම නිසා මිහින්තලේ හිමිට යකා නගියි - මාලිමා ආණ්ඩුව අරහත් ධජය ගැලෙව්වා
06:39
Video thumbnail
ලක් අම්මව අත්අඩංගුවට ගත්තා ලු.. අපි පළිගන්නවා ලු
07:51
Video thumbnail
ඥානසාර හිමිගේ සිද්ධිය ගැන විමල්ගෙන් ප්‍රබල අනාවරණයක් - බන්ධනාගාර නිලධාරින්ට චෝදනාව දාන්නද යන්නේ ?
08:48
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගලවපු එකට විරුද්ධව භික්ෂූන් වහන්සේලා පාරට බහී
06:27
Video thumbnail
මට පුදුමයි, මම ජීවත් වෙන්නේ ලංකාවේ ද..?
08:15
Video thumbnail
මම ඥානසාර හිමිගේ සිවුර ගලවන්න ගියේ නෑ - මට අයිතියක් නෑ
07:04
Video thumbnail
චමින්ද විජේසිරි පාර්ලිමේන්තුව දෙවනත් කරයි - සභානායකට බලය දීලා කථානායක චොරවෙලා ඉන්නේ
02:06