AFC Banner
Empty Ad
Empty Ad

ක්‍රොකස් සිටි ප්‍රහාරයෙන් මියගිය ගණන 60ක් දක්වා ඉහළට (ඡායාරූප)

මොස්කව් නුවර ක්‍රොකස් සිටි රංග ශාලාවට ඊයේ (22) රාත්‍රියේ එල්ල වූ ප්‍රහාරයෙන් මිය ගිය සංඛ්‍යව 60ක් දක්වා ඉහළ ගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

ක්‍රොකස් සිටි රංග ශාලාවේ සිටි තවත් 100 කට වැඩි පිරිසක් තුවාල ලැබූ බව FSB ෆෙඩරල් ආරක්ෂක සේවය වැඩිදුරටත් සඳහන් කළේ.

ඊයේ (22) සිදු වූ මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් මේ දක්වා එරට ජනතාව අමතමින් කිසිඳු ප්‍රකාශයක් සිදුකර නොමැති බවයි වාර්තා වන්නේ.

කෙසේ වෙතත්, ප්‍රහාරයෙන් තුවාල ලැබූවන්ට රුසියානු ජනාධිපතිවරයා ඉක්මන් සුවය ප්‍රාර්ථනා කළ බව රුසියානු නියෝජ්‍ය අගමැති ටැටියානා ගොලිකෝවා ප්‍රකාශ කර ඇති බව රුසියාවේ රජය සතු ප්‍රවෘත්ති ඒජන්සිය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
1
+1
9
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?