Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ක්‍රිෂ් ගනුදෙනුවේ නඩුවට නාමල් අදත් අධිකරණයට

පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර තිබෙන ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධ නඩුවේ සාක්ෂිකරුවන් වශයෙන් නම්කර සිටින ඉන්දියානු ජාතිකයින් දෙදෙනෙකුට සිතාසි භාරදී තිබේදැයි ඉන්දියානු මහ කොමසාරිස් කාර්යාලයෙන් විමසා ජනවාරි මස 18 වනදා අධිකරණය දැනුවත් කරන ලෙස කොළඹ මහාධිකරණය අද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයාට නියෝග කළා.

අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ කොළඹ මහාධිකරණ විනිසුරු නදී අපර්ණා සුවඳුරුගොඩ මහත්මිය විසින් මෙම නියෝගය නිකුත් කරනු ලැබුවා.

මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී රිමාන්ඞ් භාරයේ පසුවන විත්තිකාර නාමල් රාජපක්ෂ ද අධිකරණයට ඉදිරිපත් කර තිබුණා.