අනුරාධපුර රුවන්වැලිසෑය පුදබිමේ දන්සල් භූමියේ පැවති සත්‍යග්‍රහය අතරතුර ඊයේ (12) දිනයේ ඇති වූ නොසන්සුන්කාරි තත්ත්වයත් සමඟ පොලිස් භාරයට ගැනුණු පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂුන් වහන්සේලා සිව්නමක් සහ ගිහි පුද්ගලයින් තිදෙනෙකු නොවැම්බර් 26 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.
ඊයේ (12) පස්වරුවේ අදාළ සැකකරුවන් පිරිස අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙමම නියෝගය නිකුත් කරනු ලැබුවා.
එමෙන්ම එලෙස රක්ෂිත බන්ධනාගාර ගත කළ පිරිසගේ මානසික සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව වාර්තාවක් ලබාගැනීම සඳහා වෛද්‍ය පරික්ෂණයකට ලක්කරන ලෙසත්, මත්ද්‍රව්‍ය භාවිතකර ඇත්දැයි යන්න පිළිබඳ සොයාබැලීම සඳහා වෛද්‍ය පරික්ෂණයකට ලක්කරන ලෙසත් අධිකරණය නියෝග කර තිබෙනවා..
