කඳුරට හින්දු පූජකවරු සහ ජනපති ලේකම් අතර හමුවක්

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා සහ ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන් අතර හමුවක් අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුණා.

මෙහිදී කඳුරට හින්දු පූජකවරු මුහුණ දෙන ගැටලු සහ ඔවුන්ගේ අවශ්‍යතා පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.

කඳුරට ප්‍රදේශවල හින්දු කෝවිල්වල පරිපාලන කටයුතු, දහම් පාසල් පවත්වාගෙන යාම, පූජකවරුන්ගේ අවශ්‍යතා මෙන්ම කෝවිල් ඉඩම් හා ආගමික ස්ථාන සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳවද මෙහිදී අවධානය යොමු වුණා.

එමෙන්ම ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජකවරුන්ගේ සංවිධානය මඟින් ඉදිරියේදී ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත වැඩසටහන් සහ ඒ සඳහා රජයේ සහාය ලබාගැනීම පිළිබඳවද සාකච්ඡා කෙරුණා.

කඳුරට හින්දු පූජකවරුන් ජීවත් වන ප්‍රදේශවල ජනතාවගේ අවශ්‍යතා සපුරාලීම සඳහා රජය ගෙන ඇති ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද කරුණු දක්වනු ලැබුවා.

ශ්‍රී ලංකා කඳුරට හින්දු පූජක සංවිධානයේ මහ ලේකම් ආචාර්ය ශිවශ්‍රී වේලු සුරේෂ් ශර්මා කුරුක්කල්තුමා ඇතුළු සියලු දිස්ත්‍රික්ක නියෝජනය කරමින් හින්දු පූජක සංවිධානයේ ආගමික නායකයෝද, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම් ගුණදාස සමරසිංහ, සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (සංවර්ධන) කේ.පී. යෝගචන්ද්‍ර, මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පරිපාලන හා පොලිස්) එම්.එස්.පී. සූරියප්පෙරුම, ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.කේ. නිහාල්, හින්දු ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ වයි. අනිරුත්තනන් ඇතුළු රාජ්‍ය නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා
01:10
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි
01:23
Video thumbnail
ආණ්ඩුව සුපිරිම සුපිරි වැඩක් කරන්නේ
01:08
Video thumbnail
ආණ්ඩුව රාජපක්ෂලට හීනෙනුත් බයයි..නාමල් ඇතුළට දැම්මේ පළිගැනීමට
02:49
Video thumbnail
බාල ගල් අඟුරු නිසා මිලියන 15000කට වැඩි පාඩුවක් වෙලා - බැඳුම්කර මංකොල්ලයට වඩා වැඩියි
02:21
Video thumbnail
ඥානසාර හිමියන් ඇතුළට යන්න හේතුව එකින් එක හෙළිකළ සන්ධ්‍යා එක්නැළිගොඩ
26:23
Video thumbnail
ශිරන්ති අතත් වනාගෙන බන්ධනාගාර බසයට නගියි
01:29
Video thumbnail
තම සැමියා වෙනුවෙන් අධිකරණයට ආ හිටපු අගවිනිසුරු
00:37
Video thumbnail
ඥානසාර හිමි ගිහි ඇඳුමෙන් ගෙන ඒම පිළිකුලෙන් හෙළා දකිනවා - රජ කරන්නේ සිංහල බෞද්ධ රටක
04:10
Video thumbnail
ශිරන්ති බන්ධනාගාරයට ගෙනියද්දි අධිකරණය ඉදිරියේ උණුසුම් -"මැඩම් ශක්තිමත් වෙන්න ශක්තිමත් වෙන්න"
02:40