කන්දකාඩුවේ රැඳවූවන් ගැන වහාම වාර්තාවක් ඉල්ලයි (වීඩියෝ)

වැලිකන්ද කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් සම්බන්ධයෙන් වාර්තාවක් ලබන මස 09 වනදාට පෙර ලබාදෙන ලෙස පොළොන්නරුව වැඩ බලන මහේස්ත්‍රාත්වරයා නියෝග කර තිබෙනවා.

ඒ පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලාගිය රැඳවූවන් පිරිසක් අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ.

දෙපිරිසක් අතර හටගත් ගැටුමක් හේතුවෙන් කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ රැඳවූවන් 100කට ආසන්න පිරිසක් පසුගිය බදාදා රාත්‍රී පලා ගියා.

ඉන් 18 දෙනෙක් පෙරියාරු පාලම අසලදී පුලස්තිපුර ප්‍රදේශයේ පොලිසියට භාර වුණා.

තවත් 34 දෙනෙක් අත්අඩංගුවට ගැණුනු අතර ඔවුන් සියලු දෙනා ඉදිරිපත් කෙරුණේ පොලොන්නරුව වැඩබලන මහේස්ත්‍රාත්වරාය හමුවටයි.

අධිකරණයට ඉදිරිපත් කළ සියලු රැඳවූවන් ජනවාරි 31වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නියෝග කළ අධිකරණය කන්දකාඩු පුනරුත්තාපන මධ්‍යස්ථානයේ රැඳවියන් සම්බන්ධයෙන් වාර්තාවක් පෙබරවාරි 09 වැනිදාට පෙර ලබා දෙන ලෙස නියෝග කළා.

මේ අතර පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් පලා ගිය තවත් රැඳවූවන් 13දෙනෙකු සොයා මෙහෙයුම් ක්‍රියාත්මකයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14