AFC Banner
AFC Banner
Empty Ad

කතානායකගේ ඉල්ලා අස්වීමේ නීතිමය තත්ත්වය ගැන පැහැදිලි කිරීමක්

කතානායකවරයාගේ ඉල්ලා අස්වීමේ නීතිමය තත්ත්වය පිළිබඳව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් චමින්ද කුලරත්න පැහැදිලි කිරීමක් කරනවා.

ඒ, අනුව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(2) ව්‍යවස්ථාව අනුව පාර්ලිමේන්තුවේ කතානායකවරයා සිය ධූරයෙන් ඉල්ලා අස්වන්නේ නම්‍, ස්වකීය අත්සන යටතේ වූ ලිපියකින් ජනාධිපතිවරයා වෙත දැනුම් දිය යුතු වනවා.

ජනාධිපතිවරයා විසින් එකී ලිපිය පිළිගන්නේ නම්‍, ඒ බව පාර්ලිමේන්තුවේ මහ ලේකම් වෙත දැනුම් දිය යුතුයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 64(3) ව්‍යවස්ථාව අනුව කතානායක පදවිය හිස් වූ පසුව පළමු වරට පවත්වනු ලබන රැස්වීමේ දී පාර්ලිමේන්තුව විසින් එසේ හිස් වූ පදවියට වෙනත් මන්ත්‍රීවරයෙකු තෝරා පත්කර ගත යුතු බවයි නියෝජ්‍ය මහලේකම්වරයා පවසන්නේ.

පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝග 4 අනුව අපේක්ෂකයින් දෙදෙනෙකුට වැඩි ගණනක් සඳහා නාමයෝජනා ඉදිරිපත් වී ඇති අවස්ථාවක දී රහස් ඡන්දයෙන් කතානායකවරයෙකු තෝරා පත්කර ගැනීමට කටයුතුයි.

ඒ, අනුව මෙතෙක් සිදුකර ඇත්තේ මාධ්‍ය නිවේදනයක් නිකුත් කිරීම පමණක් බවත්, ජනාධිපතිවරයා වෙත එවන් ලිපියක් ලැබී ඇද්දැයි මෙතෙක් තොරතුරු ලැබී නොමැති බවත් නියෝජ්‍ය මහලේකම්වරයා සඳහන් කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
4
+1
31
+1
1
+1
1
+1
2
+1
4
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?