Rajapura Handi Oil
Rajapura Diabetic Powder

කඨින චීවර මාසය අවසන්වන ඉල් පුර පසළොස්වක පොහෝ දිනය අදයි

ඉල් පුර පසළොස්වක පොහොය දිනය අද (24) දිනට යෙදී තිබෙනවා.

බෞද්ධ ඉතිහාසයේ සුවිශේෂී වැදගත් සිදුවීම් රැසක් සිදුවූ පොහොය දිනයක් ලෙස ඉල් පුර පසළොස්වක පොහොය දිනය සැලකෙනවා.

වස් සමාදන්ව සිටි භික්ෂූන් වහන්සේලා උදෙසා කඨින චීවර පූජා මාසයේ අවසන් දිනය වන්නේ ද මෙම ඉල් පුර පසළොස්වක පොහොය දිනයයි.

ප්‍රථම ධර්මදූත පිරිස වන රහත් හැටනමගේ ධර්ම ප්‍රචාරය සඳහා ගමනාරම්භ කිරීම, බුදුරදුන් තුන්බෑ ජටිලයන් දමනය කිරීමට උරුවෙල් දනව්වට වැඩම කිරීම යන ශාසනික ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් මෙම පොහෝ දිනයේ සිදුව තිබෙනවා.

එමෙන්ම බුදුරජාණන් වහන්සේගේ අගසව් ධුරය දැරූ සැරියුත් මහරහතන් වහන්සේ පිරිනිවන් පෑම සිදුවූයේ ද අද වැනි පොහොය දිනයකවීම විශේෂත්වයක්.

මේ අතර පසුවස් විසූ භික්ෂූන් වහන්සේලාගේ පවාරණ දිනය ද ඉල් පුර පසළොස්වක පොහොය දිනයට යෙදී තිබෙනවා.

අද දින ලක්වාසී බෞද්ධ ජනතාව ආමිස සහ ප්‍රතිපත්ති පූජාවන්ට මුල්තැන දෙමින් සිය ආගමික වතාවත් සිදුකරනු ඇති.