කටුනායක නිදහස් වෙළඳ කලාපයේ ප්‍රධාන ඇඟලුම් කම්හලක් හදිසියේම වැසේ

කටුනායක නිදහස් වෙළඳ කලාපයේ පවත්වා ගෙන ගිය NEXT නැමති ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තශාලාව හෙට (20) දිනයේ සිට වසා දමා තිබෙනවා.

1978 වසරේ ආරම්භ කර ඇති මෙය සේවක සේවිකාවන් 2,000 ක් පමණ සේවය කළ කර්මාන්තශාලාවක්.

එංගලන්තයේ ආයෝජන ව්‍යාපෘතියක් වන මෙම කර්මාන්ත ශාලාව, එහි නිෂ්පාදිත ඇඟලුම් ලන්ඩනය වෙත අපනයනය කළ බවයි එහි සේවකයින් පවසන්නේ.

මෙම කම්හලේ මෙහයුම් පිරිවැය ඉහළ යාම සහ වසර කිහිපයකි තිස්සේ කම්හල අලාභ ලැබීම මෙම තීරණය ගැනීමට ප්‍රධාන හේතුවක් වූ බවයි එහි පාලනාධිකාරිය සඳහන් කළේ.

මේ අතර මෙරට තුළ පිහිටි NEXT හි අනෙකුත් ඒකක වසා දැමීමක් සිදු නොකරන බවයි එහි පාලනාධිකාරිය වැඩිදුරටත් පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
22
+1
8
+1
13
+1
74
+1
13
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්


?