කටුනායක ඇඟලුම් කම්හලකින් ඇඳුම් සොරකම් කළ සේවකයෙක් අත්අඩංගුවට

කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ පිහිටි බ්‍රැන්ඩික්ස් ඇඟලුම් කර්මාන්තශාලාවේ නිෂ්පාදිත රුපියල් ලක්ෂ දෙකකට අධික වටිනාකමකින් යුතු කාන්තා සහ පිරිමි යට ඇඳුම් තොගයක් සොරා ගෙන ගොස් රෙදිපිළි අලෙවිසැල්වලට විකුණූ එම කර්මාන්තශාලාවේ සේවකයෙකු කටුනායක පොලිසිය විසින් අද පස්වරුවේ අත් අඩංගුවට ගෙන තිබෙනවා.

මොහු මෙම ඇඟලුම් කර්මාන්තශාලාවේ වසර 15ක් පමණ සේවය කර ඇති කිඹුලාපිටිය ගල්මංකඩ ප්‍රදේශයේ පදිංචි 43 හැවිරිදි දෙදරු පියෙක්.

සැකකරු මෙම කර්මාන්ත ශාලාව තුළ යට ඇඳුම් නිෂ්පාදනය කෙරෙන විවිධ අංශ වෙත ගොස් ඒවා මුලින්ම තම කළිසම් සාක්කුවල දමා සඟවා ගෙන පසුව වැසිකිළිය තුළට ගොස් ඇඟලා ගෙන ඒවා සිය නිවෙසට ගෙන ගොස් තිබෙනවා.

අනතුරුව එම ඇඳුම් සැකකරු කොළඹ ඇතුළු නාගරික ප්‍රදේශවල පිහිටි වෙළෙඳ සැල් වෙත අලෙවි කර ඇතැයි සඳහන්.

අපනයනය සදහා සූදානම් කර ඇති බොහෝ යට ඇඳුම් වර්ග තවමත් එම රටවලට හදුන්වා දී නොතිබුණු වර්ගවල ඒවා වන බවටයි හෙළිවී ඇත්තේ. කර්මාන්තශාලාව තුළ මේ ආකාරයට අතුරුදන් වී ඇති ඇඟලුම් ප්‍රමාණය පිළිබඳව සොයා බැලීම සදහා මේ වනවිට අභ්‍යන්තර විගණනයක් ද ආරම්භ කර තිබෙනවා.

කටුනායක පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
2
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කිසිවෙකුට අපිව පරාජය කරන්න බැහැ..පිටින් වගේම අභ්‍යන්තරයෙත් අපිට අභියෝග තියෙනවා
10:18
Video thumbnail
කළුතරදී යකා නටපු පුද්ගලයෙක්ට වැඩ වරදියි
00:58
Video thumbnail
ජාතික පරිසර පනත ගැන සජිත්ගෙන් ප්‍රබල ප්‍රකාශයක් - පාරිභෝගිකයට බෑනේ නිෂ්පාදනකරුවට බලපෑම් කරන්න
03:54
Video thumbnail
දොර කාගෙහරි වාහනයක වැදෙනකන් දන්නේ නෑනේ - රියදුරෙක් මීට වඩා අවධානයෙන් ඉන්න ඕනි
01:43
Video thumbnail
එදා බලයේ හිටපු අය යට ගැසූ බොහෝදේ දැන් එළිවෙමින් පවතිනවා - කදිනල් හිමි කළ හෙළිදරව්ව
08:09
Video thumbnail
හිටපු පාලකයන්ට කාදිනල් හිමිගෙන් සැර කතාවක් - පාස්කුවේ තිබුණ සාක්ෂිත් විකෘති කරපු එක කළේ
05:55
Video thumbnail
නිෂ්පාදනය රටේ Brand එකක් විදියට ඉස්සරහට යනකල් දියුණුවක් වෙන්නේ නෑ
03:11
Video thumbnail
වෙනස්වීම්වලට මුහුණ දෙන්න ක්‍රමයක් රටේ නෑ - අපේ ක්‍රමයන්වලින් ප්‍රශ්නවලට මුහුණ දෙන්න ඕනි
02:19
Video thumbnail
උහුලන්න බැරි තරමට රජයන් IMF සහයෝගයෙන් බදු අය කරනවා..ඇදගෙන යන්න තරම් සංකල්ප නෑ
04:32
Video thumbnail
එල්නිනෝ තත්ත්වය ගැන මහජනතාව විශේෂ දැනුවත් කිරීමක් - ජලය කළමණාකරනය කළොත් මේකට මුහුණදෙන්න පුළුවන්
09:46