කංසා අපනයනයට රජය සැරසෙයි

ඖෂධීය කංසා අපනයනය කිරීම සඳහා අවශ්‍ය නීති පනත් අමාත්‍ය මණ්ඩලයට ගෙන ඒමට කටයුතු කරන බව දේශීය වෛද්‍ය, රාජ්‍ය අමාත්‍ය සිසිර ජයකොඩි පවසනවා.

ඒ අනුව ඊට අදාළ කටයුතු සම්පාදනය ලබන මස 05 වනදා වනවිට සිදුකරන බවයි රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ.

ට්‍රිලියන 04කට වඩා වැඩි වෙළෙඳපොළක් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඖෂධීය කංසාවලට පවතින බව ද රාජ්‍ය අමාත්‍යවරයාඑහිදී පෙන්වා දුන්නා.

ඒ අනුව ඖෂධීය කංසා නිෂ්පාදන හරහා රටට වැඩි අපනයන ආදායමක් ලබාගත හැකි බවයි ඔහු වැඩි දුරටත් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
53
අවුල් වගේ !
1
හරි හිනා !
3
හම්මෝ !
2
මාර දුකයි !
1
මලපනිනව !
2
කුජීතයි !
1
spot_img

සතියේ පලවූ මෙවැනිම පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?