අද (26) සිට ක්‍රියාත්මක වන පරිදි ඖෂධ වර්ග 60ක මිල 16% කින් අඩු කිරීමට රජය තීරණය කළා.
ඒ, පසුගිය 15 වනදා සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල විසින් නිකුත් කළ ගැසට් නිවේදනයට අනුවයි.
මෙරට බහුලව භාවිත කෙරෙන පැරසිටමෝල්, ඇමොක්සලීන්, තයිරොක්සින් සහ ග්ලිපිසයිඩ් ඇතුළු අත්‍යවශ්‍ය ඖෂධ 60ක මිල ගණන් මෙම ගැසට් නිවේදනය මඟින් ඒ අනුව අඩුකර තිබෙනවා.
ඒ, අනුව යම් ඖෂධ නිෂ්පාදකයෙක්, ආනයනකරුවෙක් හෝ බලයලත් ඕනෑම පාර්ශ්වයක් මෙම ගැසට් නිවේදනය මඟින් දක්වා ඇති සංශෝධිත මිල ගණන් යටතේ පමණක් අදාළ ඖෂධ අලෙවිකිරීම සිදුකළ යුතු වනවා.
මිල ගණන් සංශෝධනය කරන ඖෂධ වර්ග ඇතුළත් අදාළ ගැසට් නිවේදනය පහතින්.
.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
1
+1
1
+1
1
+1
+1
+1