ඕමර්සායි ජැෆ්නා රජවරුන්ට ජය කැන්දයි

ලංකා ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඊයේ (05) රාත්‍රියේ පැවති තරගයෙන් ජය ගැනීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායම සමත් වුණා.

ගෝල් මාවල්ස් කණ්ඩායම පරාජය කරමින් ජැෆ්නා කිංග්ස් කණ්ඩායම මෙම තරගය ජය ගත්තේ කඩුලු 05කින්.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවති මෙම තරගයේ පළමුව පන්දුවට පහර දුන් ගෝල් මාවල්ස් ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 05ක් දැවී ලකුණු 187ක් රැස් කිරීමට සමත් වුණා.

එහිදී නවසීලන්ත ක්‍රීඩක ටිම් සෙයිෆර්ට් මෙවර තරගාවලියේ දෙවන ශතකය වාර්තා කරමින් ලකුණු 104ක් රැස්කළේ පන්දු 63ක් පමණක් වැයකරමින්.

පන්දු යැවීමේ දී අස්මතුල්ලාහ් ඕමර්සායි කඩුලු 02ක් බිඳ දැමුවා.

අනතුරුව ලකුණු 188ක ජයග්‍රාහී ඉලක්කය හඹා යාමට ජැෆ්නා කිංග්ස් ක්‍රීඩකයින් පිටියට පිවිසි අතර, එහිදී ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් පන්දු 16ක් තුළ ලකුණු 30ක් රැස් කළා.

ජැෆ්නා කිංග්ස් පිළිතුරු ඉනිම ශක්තිමත් කළ රිලී රොසෝව් පන්දු 42ක් තුළ ලකුණු 67ක් රැස්කරනු ලැබුවා.

ජැෆ්නා ඉනිම අවසානයේ ජයග්‍රාහනය කරා රැගෙන ගිය ස්මතුල්ලාහ් ඕමර්සායි පන්දු 13ක් තුළ වේගවත් ලකුණු 35ක් රැස්කළ අතර, නායක චරිත අසලංක පන්දු 08ක් තුළ ලකුණු 14ක් රැස් කළා.

ඒ, අනුව පන්දුවාර 19යි පන්දු 04ක් තුළ කඩුලු 05ක් පමණක් දැවී අදාළ ඉලක්කය පසුකර යමින් මෙම තරගය ජැෆ්නා කිංග්ස් කණ්ඩායම ජයග්‍රහණය කළා.

මෙම ජයග්‍රහණයත් සමඟ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණට පැමිණීමට ජැෆ්නා කිංග්ස් කණ්ඩායමට හැකි වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොහෝ ප්‍රදේශවලට ගිගුරුම් සහිත වැසි - මෙන්න කාලගුණයේ නවතම තතු
02:30
Video thumbnail
වේදිකාවේසංවේදී වූ මෛත්‍රිපාල සිරිසේන - මම මගේ ආච්චිව දැකලත් නෑ අම්මව දැකලත් නෑ..
11:26
Video thumbnail
රුමේෂ් තරංගව අගයලා නි. ඇමති කිව්ව දේ - රට ක්‍රමක් ක්‍රමයෙන් ඉහළට එසවෙමින් තියෙන්නේ
03:42
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව
00:48
Video thumbnail
මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත
01:49
Video thumbnail
කුඹුක්කන නිවසක් අසලට හදිසියේම ආ වන අලි රංචුව - කැමරාවේ සටහන් වූ දේ මෙන්න
00:52
Video thumbnail
හිටපු ජනපති මහින්ද, මෛත්‍රිපාල සහ පක්ෂ විපක්ෂ ප්‍රබලයින් එකට හමුවූ මොහොත - කට්ටිය ලොකු කතාවක්
03:16
Video thumbnail
සූර්ය බලශක්තියට ආණ්ඩුව ගත් පියවරට චෝදනා? ප්‍රජාතන්තිකරණයට ඉතා හානිවන සූක්ෂම සැලැස්මක් මේ
09:35
Video thumbnail
ඉදිරියේදී 20%ක විතර විදුලි බිල වැඩිවෙනවා ?ඩීසල්වලින් රු.70ක් අඩුවෙනවලු..මේවා ගෙවන්නෙත් අපිනේ
09:13
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51