spot_imgspot_img

එලෝන් මස්ක් ගාස්තු අය කරන්න සැරසෙයි

ට්විටර් සමාජ මාධ්‍ය ජාලය හෙවත් ‘එක්ස්’ පරිශීලකයින්ට ඉරිදියේ දී මාසික ගාස්තුවක් හඳුන්වාදීමේ හැකියාව පිළිබඳව සාකච්ඡා කරමින් සිටින බව එහි හිමිකරු එලෝන් මස්ක් පවසා තිබෙනවා.

පසුගිය දා ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු සමඟ පැවති සංවාදයක දී එලෝන් මස්ක් මේ බව පවසා ඇති බව සඳහන්.

එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ප්‍රකෝටිපතියා පවසා ඇත්තේ ගෙවීම් ක්‍රමයක් යනු බොට්වලට ප්‍රතිරෝධය දැක්වීමට ඇති එකම ක්‍රමය බවයි.

එමෙන්ම නාමික ගාස්තුවක් අයකිරීම මඟින් හඳුනාගත් ගැටළු කිහිපයක් විසඳා ගැනීමේ හැකියාව පවතින බව ද ඔහු පවසා තිබෙනවා.

කෙසේ වෙතත් මෙය එලෝන් මස්ක්ගේ හුදු ප්‍රකාශයක් ද, නැතහොත් තවමත් ප්‍රකාශයට පත් කර නොමැති ස්ථිර සැලසුම් පිළිබඳ සංඥාවක් ද යන්න පැහැදිලි නොමැති බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ වනවිටත් එම සමාගම විසින් X Premium නමින් අතිරේක වාරික සේවාවක් ලබාදෙන අතර, එය මාසයකට ඩොලර් 08ක මුදලක් ගෙවා ලබාගැනීමේ හැකියාවක් පවතිනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
3
+1
3
+1
1
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?