එල්නිනෝ දේශගුණික තත්ත්වය නිසා ඔක්තෝබර් හා නොවැම්බරයේ වැසි වැඩිවීමක්

මේ වන විට එල්නිනෝ තත්ත්වය පවතින්නේ දුර්වල මට්ටමක බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකි අංශයෙහි අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පවසනවා.

දුර්වල මට්ටම පවතින මෙම එල්නිනෝ තත්ත්වය එළඹෙන පෙබරවාරි මාසයේ පමණ වනවිට අති ප්‍රබල තත්ත්වයකට යෑමේ හැකියාව 60%කට වඩා අවදි බව පුරෝකථනය කරන බවයි ඔහු සඳහන් කළේ.

ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේ මෙම තත්ත්වයේ බලපෑම හේතුවෙන් ජූලි, අගෝස්තු සහ සැප්තැම්බර් මාසවලදී වර්ෂාපතනයෙහි අඩුවීමක් අපේක්ෂා කළ හැකි බවයි.

කෙසේ වෙතත්, ඉදිරි කාලයේ දී පැසිපික් සාගරයේ ටයිෆූන් වැනි සුළි කුණාටු හටගතහොත් මෙම තත්ත්වය වෙනස් වී, නිරිතදිග මෝසම තරමක් සක්‍රීය වීමෙන් වැසි ලැබීමට ඉඩකඩක් පවතින බව ද ඔහු කියා සිටියා.

මේ අතර ශ්‍රී ලංකාවට බලපා ඇති එල්නිනෝ දේශගුණික තත්ත්වය හේතුවෙන් ඉදිරි ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවලදී දිවයිනේ ඇතැම් ස්ථානවලට වර්ෂාවෙහි වැඩි වීමක් අපේක්ෂා කරන අතර, ඒ සමඟ ගංවතුර තත්ත්වයක් පවා ඇති විය හැකි බවට පුරෝකථනය කර ඇති බවයි අධ්‍යක්ෂ අජිත් විජේමාන්න පැවසුවේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
3
+1
7
+1
9
+1
5
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රවී සෙනෙවිරත්න, හිටපු පොලිස්පතිට අවසන් ගෞරව දක්වයි
01:11
Video thumbnail
හිටපු පොලිස්පතිට ශෝකය පලකළ ශ්‍රී ලංකා පොලිසියේ දෙවැනියා...
01:22
Video thumbnail
චමල් රාජපක්ෂ තනියෙන්ම හිටපු පොලිස්පතිට සමුදෙන්න එයි
01:21
Video thumbnail
මේ ඉන්නේ ගප්පි, ඩෙංගු නෑ මේකේ - බන්දුල ගප්පි ගෙනත් දායි
02:26
Video thumbnail
හිටපු පොලිස්පතිගේ දේහය ළඟට වැඩම කළ සමන්ත භද්‍ර හිමි
00:22
Video thumbnail
ආයේ මේ ආත්මෙට මාලිමා ආණ්ඩුවක් හැදෙන්න නෑ
12:04
Video thumbnail
රටම දන්න ප්‍රසිද්ධ බීම කඩේක කුණු ටික මහ පාරට දාලා - සේවකයින් වැඩ වරද්දගත්ත හැටි
01:33
Video thumbnail
දේශපාලනයෙන් මොහොතකට මිදී… සුරතලුන් සමඟ ආදරය බෙඳාගත් සජිත්
00:38
Video thumbnail
පොලිස් නිලධාරීන්ටත් ප#රදෙන්න හැදූ සැකකරුවන්ට පොලිසියෙන් වෙ#D
01:42
Video thumbnail
නාමල් එක්ක අපිට එකතුවෙන්න බෑ? එහෙම තැනක මට හිටගෙන ඉන්න බෑ
03:29