එල්නිනෝ තත්ත්වය හේතුවෙන් ඔක්තෝබර්, නොවැම්බර් මාසවල ගංවතුර තත්ත්වයක් ?

දිවයිනට බලපා ඇති එල්නිනෝ තත්ත්වය හමුවේ එළඹෙන ඔක්තෝබර් සහ නොවැම්බර් මාසවල දී ඇතැම් විට ගංවතුර තත්ත්වයක් වුව ද ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් විජේමාන්න පවසනවා.

අද (25) පෙරවරුවේ මාධ්‍ය හමුවක් පවත්වමින් අධ්‍යක්ෂ ජනරාල්වරයා මේ බව සඳහන් කළා.

එල්නිනො තත්ත්වය හේතුවෙන් ඔක්තෝබර්, නොවැම්බර් මාසවල අන්තර් මෝසමින් ලැබෙන වැස්ස සාමාන්‍යයට වඩා වැඩිපුර අගයක් ගනු ඇති බවයි ඔහු මෙහිදී පැවසුවේ.

කෙසේ වෙතත් දෙසැම්බර්, ජනවාරි, පෙබරවාරි දක්වා එල්නිනො තත්ත්වය දැඩි ලෙස බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා අදහස් දක්වමින් පැවසුවේ.

එමෙන්ම මේ වනව නිරිත දිග කොටසේ වැසි තත්වයේ වර්ධනයක් දැකගත හැකි බව සඳහන් කළ අධ්‍යක්ෂ ජනරාල්වරයා
බස්නාහිර, සබරගමුව, වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර, නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට ගිගිරුම් සහිත වැසි ඇති විය හැකි බවත්, ඇතැම් ස්ථානවලට මිලි මීටර් 75mm පමණ වැසි ඇති විය හැකි බවයි සඳහන් කළේ.

“සාමාන්‍ය අවුරුද්දෙන් 30%ක් මේ මාස දෙකේ වහිනවා.එතකොට ඒක තවත් වැඩි වුණාම ලොකු වැස්සක් ඒක. වැව් පිරිලා සමහරවිට ගංවතුර වුණත් ඇති වෙන්න ඉඩකඩක් තියෙනවා. ඔත්තෝබර්, නොවැම්බර් මාස වන විට ලංකාව පුරාම වැස්ස ව්‍යාප්ත වෙනවා. තද වැසි තියෙන්න පුළුවන්. ගංවතුරක් එනවාම කියන්නේ නෑ. ඒවටත් අපි සූදානම් වෙන්න ඕනි. එන්න ඉඩකඩකුත් තියෙනවා”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40