එක රැයකින් රට ම කැලඹූ සාදය ගැන හරීන් කට අරියි (වීඩියෝ)

තමන් කිසිවිටෙක අසාධාරණයක් සිදු වන විට දී කිසිවක් නොදුටු හෝ නො ඇසුණු ස්වභාවයෙන් නොසිටින්නෙකු බව හිටපු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසනවා.

ඊයේ (29) රාත්‍රියේ දී පැවති වසර අවසාන වාර්ෂික සාදයකට තමන් ද එක් වූ අවස්ථාවේ සිදු වූ කෝලාහලය සම්බන්ධයෙන් දසත ප්‍රවෘත්ති අංශය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සිදු වූයේ කුමක්දැයි පැහැදිලි කළා.

තමන් සුපුරුදු පරිදි සිය පාසල් මිත්‍රාදීන් මුණගැසීමටත්, තමන්ට එම සාදය සඳහා ඇරයුම් ලැබී තිබූ බවත් එබැවින් එම ස්ථානයට ගිය බවත් හිටපු අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

තමන් සිය සගයින් සමග ලබා දී තිබූ අසුනෙහි සතුටු සාමිච්චියෙන් කතා බහ කරමින් සිටියදි කවුරුන් හෝ පුද්ගලයෙකු ”පැරදුණා නම් ගෙදර හිටපං ###” යන ලෙසින් නොසරුප් වචනයෙන් කෑ ගසා ගෙන එතැනින් ඉවත් ගිය බවත් එම අවස්ථාවේදී තමන් ඔහුට ද ප්‍රතිවාදියා පැවසූ ආකාරයෙන් ම උත්තර දුන් බවත් හිටපු මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.

අදාළ පුද්ගලයා වෙත තමන් ගමන් කිරීමට සැරසුණ ද සිය සගයින් එය වැළැක්වූ බවත් කිසිදු ලෙසකින් සාදයේ දේපොළවලට හෝ තමන් හානි නොකළ බවත් හෙතෙම සිදුවීම සම්බන්ධයෙන් දසත ප්‍රවෘත්ති වෙත සැල කර සිටියා.

  1. අනේ මහත්තයො ..හසිිිස් ටිකක් ගහලා තාත්ත කිවිිව දේවල් අහල හටියනමිි ඉවරනේ…පාස්කු දවසෙ වගේ

  2. ඇ….අසාදාරනයට එරෙහිවෙනවා..ගෝතයා අර මිනිස්සු මැරෙනකම් ටගදර හිටිය එකා….බෝම්බ ගහනවා කියල දැනගෙනත් ගෙදර හිටිය එකා කියනවා අසාදාරනයට එරෙහ වෙනවා කියල….කාලකන්නි පරය…..



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30
Video thumbnail
යුක්තිය පසිදලීමේ ක්‍රියාවලිය එක රැයකින් කරන්න බෑ - මේක එක ක්‍රියාමාර්ගයක් විතරයි..තව තියෙනවා
07:33
Video thumbnail
අධිකරණයේ ස්වාධිනත්වයට හානි වෙන්නේ කොහොමද ?අපිට පිළිගන්න බෑ..හුඹස් බියක් ඇතිකරන්නේ
05:57