Sunday, January 12, 2025
Empty Ad
AFC Banner
AFC Banner

එක්දින තරගාවලිය අද ඇරඹෙයි – වැඩි ගෞරව නවසීලන්තයට

සංචාරක නවසීලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකාව අතර තරග තුනකින් සමන්විත එක්දින තරගාවලියට අද ආරම්භ වනවා.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන මෙම තරගය ආරම්භ වන්නේ පස්වරු 2.30 ටයි.

දඹුල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී එක්දින තරගය පැවැත්වෙන්නේ වසට 06කට පසු වන අතර,එම ක්‍රීඩාංගණයේ අවසන් වරට එක්දින තරගයක් පවත්වා ඇත්තේ 2018 වසරේ ඔක්තෝම්බර මාසයේ දීයි.

ජාත්‍යන්තර එක්දින පිටිය තුළ ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අවස්ථා 102 ක දී එකිනෙකා මුණගැසී ඇති අතර, ඉන් තරග 52ක ජය නවසීලන්ත සතු වෙද්දී ශ්‍රී ලංකාව තරග 41ක ජය හිමිකරගෙන තිබෙනවා.

තරග අටක් අවසන්ව ඇත්තේ ජය පරාජයෙන් තොරවයි.

මේ අතර මෙම තරගාවලිය ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංගට අබාධයක් හේතුවෙන් අහිමිව ගොස් ඇති අතර, ඔහු වෙනුවට දුෂාන් හේමන්ත ශ්‍රී ලංකා සංචිතයට කැඳවීමටයි කටයුතු කර ඇත්තේ.

එමෙන්ම නවසීලන්ත ක්‍රීඩක ලොකී ෆ්රගියුසන් ද එක්දින තරගාවලියෙන් ඉවත් වුණේ ආබාධයක් හේතුවෙන්.

ෆර්ගියුසන්ට එක්දින තරගාවලිය අහිමිවීමත් සමඟ ඇඩම් මිල්න් නවසීලන්ත එක්දින සංචිතයට කැඳවා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
5
+1
0
+1
3
+1
3
+1
2
+1
2
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී මහා බෝධිය වඳින්න ගිය කතානායකට සැරටම කියලා දීපු හිමිවරු
18:53
Video thumbnail
දඬුවම් දීපු දුමින්ද සිල්වට මේ ආණ්ඩුව දැන් වෙන විදිහකින් දඬුවම් කරනවා
02:55
Video thumbnail
පොංගල් සමරන්න බැරුව අසරණ වෙන ජනතාව
05:54
Video thumbnail
ලංකාවට ආපු නැව් 30ක් හරවගෙන යයි - ඇමති බිමල් ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:42
Video thumbnail
අපි ආවේ ටෙස්ට් මැච් එකක් ගහන්න - ආපු ගමන් නෙළාගෙන යන්නේ නෑ - ඇමති සමන්ත කියයි
04:04
Video thumbnail
මාලිමාවට අසාධාරණයක් - මාලිමා මන්ත්‍රීට තදවෙයි
05:06
Video thumbnail
අපිට හරි කරදර - බුදු දහම විනාශ කරනවා - හිමිවරු මාධ්‍ය කැඳවයි
28:25
Video thumbnail
වරායේ කට්ටිය එක්ක එක මීටින් එකයි - ජනපතිගේ නියෝගයෙන් ප්‍රශ්නය විසඳෙයි
22:23
Video thumbnail
ලංකාවේ මිනිස්සුන්ගේ දත්ත ඉන්දියාවට දෙන්න යනවා
12:47
Video thumbnail
ජනතාව අපේ ආණ්ඩුව ගැන ගොඩක් සතුටින් - නියෝජ්‍ය ඇමති මාධ්‍යට කියයි
09:10

?