උසස් පෙළ විභාගය අද සිට – ජංගම දුරකථන රැගෙන යා හැක්කේ ශාලාධිපතිවරුන්ට පමණයි

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගය අද (25) ආරම්භ වනවා.

අද (25) ආරම්භ වන අපොස උසස් පෙළ විභාග දෙසැම්බර් මස 20 වනදා දක්වා පැවැත් වෙනවා.

මෙවර විභාගය වෙනුවෙන් සම්බන්ධීකරණ මධ්‍යස්ථාන 319ක සහාය ඇතිව දිවයින පුරා විභාග මධ්‍යස්ථාන 2,312ක් ස්ථාපිත කර තිබෙනවා.

මෙවර උසස් පෙළ විභාගය සඳහා අයදුම්කරුවන් 333,185 දෙනෙකු සුදුකම් ලබා ඇති අතර, ඊට පාසල් අයදුම්කරුවන් 253,390ක් ඇතුළත්.

මෙවර විභාගයට පෙනී සිටීමට සුදුසුකම් ලබා ඇති පෞද්ගලික අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 79,795ක්.

මේ අතර විභාග වංචා වැළැක්වීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කර ඇති බව විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර පවසනවා.

එමෙන්ම විභාග කොමසාරිස්වරයා සඳහන් කර සිටියේ විභාග ශාලා තුළට ජංගම දුරකථන රැගෙන යා හැක්කේ ශාලාධිපතිවරුන්ට පමණක් බවයි.

මේ අතර පවතින අයහපත් කාලගුණ තත්ත්වය හමුවේ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව යම් ආපදා තත්ත්වයක් ඇති වුවහොත් ඒ සඳහා ක්‍රියාත්මක වීමට සූදානමින් සිටින බව ආපදා කළමණාකරන මධ්‍යස්ථානය සඳහන් කර සිටියා.

ඒ, සඳහා විශේෂ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයක් ස්ථාපිත කර ඇති බව ද ආපදා කළමණාකරන මධ්‍යස්ථානය පැවසුවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සාගර හා විමල් වීරවංශ අතර විශේෂ හමුවක් - රැළියට සහභාගි වෙන්න කියලා අපිට ආරාධනා කළා
02:29
Video thumbnail
විමල්ගෙන් ආණ්ඩුවට සැර සත්තමක් - නඩුත් හාමුදුරුවන්ගේ - බඩුත් හාමුදුරුවන්ගේ..පච පතුරව පතුරව යනවා
02:31
Video thumbnail
අපි ජන සටන අතාරින්නේ නැහැ මර්දනයට බය වෙලා - අනුරාධපුරයට දහස් ගණනක් එනවා
01:57
Video thumbnail
කවුද දැන් ගල් අඟුරු නැව් දෙක ගිල්ලේ ?නාමල් ආණ්ඩුවෙන් ප්‍රශ්න කරයි..නැව් දෙකක් අතුරුදහන් කරලා
03:10
Video thumbnail
අදත් හිරේ ඉදලා ඇවිත් නාමල් ආණ්ඩුවට කට උත්තර නැති කරයි - මාළුවට SMS යවනවා ධීවරයා එනවා පලයන් කියලා
05:19
Video thumbnail
රන් ආලේපිත ගිනි අවියේ සිද්ධියට දුමින්ද දිසානායකට අධි චෝදනා භාර දෙයි
01:25
Video thumbnail
මුජිබුර්ගේ හෙළිදරව්වෙන් ආණ්ඩුවට කට උත්තර නැතිවෙයි ? බලහත්කාරයෙන් පිළිගන්න කියලා බලපෑම් කරනවා
09:02
Video thumbnail
සජිත් පාර්ලිමේන්තුවේ නැගිටලා ආණ්ඩුවෙන් එක දිගට ප්‍රශ්න කරයි - නවතම නිල පුරෝකථනය කුමක්ද ?
08:48
Video thumbnail
සජිත් හදිසියේම ගිහින් උතුරු නැගෙනහිර හා වතු ප්‍රජාවනියෝජනය කරන මන්ත්‍රීවරු හමුවෙයි
02:40
Video thumbnail
මුජිබුර් කථානායකට හොඳම එකෙන් අමතයි - "සහතිකය ඕනි නෑ රන්වලව ගෙනත් වාඩිකරන්න මෙතන.."
04:25