spot_imgspot_img

උසස් පෙළ ප්‍රතිඵල ලැබෙන දිනය ගැන ඉඟියක්

2022 උසස් පෙළ විභාග ප්‍රතිඵල ලබන සැප්තැම්බර් මස 10 වනදාට පෙර නිකුත් කරන බව අධ්‍යාපන රාජ්‍ය අමාත්‍ය අරවින්ද් කුමාර් මහතා පවසනවා.

2022 (2023) අ.පො.ස උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අගෝස්තු මාසයේදී නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි විභාග කොමසාරිස් ජනරාල්වරයා මීට පෙර ප්‍රකාශ කළේ.

ජනවාරි මස 23වනදා සිට පෙබරවාරි 17 වනදා දක්වා මෙවර පැවති විභාගයට පාසල් අයදුම්කරුවන් 278196ක් සහ පෞද්ගලික අයදුම්කරුවන් 53513ක් පෙනී සිටියා.

අධ්‍යාපන අමාත්‍යාංශය මෙම වසරට අදාළව උසස් පෙළ විභාගය පැවැත්වෙන දින දැනටමත් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

ඒ අනුව විභාගය නොවැම්බර් 27 සිට දෙසැම්බර් 21 දක්වා පැවැත්වීමටයි නියමිතව ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
8
+1
1
+1
3
+1
1
+1
4
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?