AFC Banner
AFC Banner
Empty Ad

උදයංග වීරතුංග අත්අඩංගුවට (වීඩියෝ)

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන තිබෙනවා.

මිරිහාන ප්‍රදේශයේ දී අසල්වැසියෙකුට පහරදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඔහුව මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

පහරකෑමට ලක් වූ පුද්ගලයා ශ්‍රී ජයවර්ධනපුර රෝහලට ඇතුළත්කර මේ වනවිට එහි ප්‍රතිකාර ලබනවා.

ප්ලාස්ටික් බටයකින් මෙම පහරදීම සිදුකර ඇති අතර, පහර කෑමෙන් එම පුද්ගලයාගේ නාසයට බරපතළ හානි සිදුව ඇති බවයි වාර්තා වුණේ.

මෙලෙස පහරකෑමට ලක්ව ඇත්තේ නුගේගොඩ, තලපත්පිටිය ප්‍රදේශයේ පදිංචි උදයංගේ වීරතුංගගේ අසල්වැසි නිවසේ සිටි සරත් චන්ද්‍රසිරි නැමැති අවුරුදු 66ක අයෙක්.

මායිම් බිත්තියක් සම්බන්ධයෙන් ඇති වූ බහින් බස්වීමක් හේතුවෙන් මෙම පහරදීම සිදුකර ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
15
+1
0
+1
0
+1
3
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?