ඊසාන දිග මෝසමෙන් බලපෑමට ලක්වන දිස්ත්‍රික්ක 14ක් හඳුනාගැනේ

මේ වන විට සක්‍රීය වී ඇති ඊසාන දිග මෝසම් තත්ත්වයත් සමග ඇති විය හැකි ආපදාවන්ට සූදානම් වීම සඳහා සියලු රාජ්‍ය ආයතන සහ රාජ්‍ය නොවන ආයතන, ත්‍රිවිධ හමුදාව, පොලිසිය මෙන්ම ජාත්‍යන්තර ආයතනවල සහභාගීත්වයෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී රැස්වීමක් සංවිධානය කර තිබුණා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ ගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන පැවැත්වුණා.

පසුගිය දිට්වා සුළි කුණාටුවත් සමඟ ඇතිවූ ආපදාවන් සහ ඒවාට ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව ද මෙහිදී සාකච්ඡාවට ලක්ව ඇති අතර ඇතිවිය හැකි තත්ත්වයත් සමඟ විභාග පැවැත්වීම පිළිබඳව ද සාකච්ඡා වී තිබෙනවා.

මෙම රැස්වීමෙන් අනතුරුව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ සහ මාධ්‍ය ප්‍රකාශක ප්‍රදීප් කොඩිප්පිලි මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ ඊසාන දිග මෝසමෙන් බලපෑම් එල්ලවිය හැකි දිස්ත්‍රික්ක 14 ක් මේ වන විට හඳුනාගෙන ඇති අතර එම ප්‍රදේශවල සම්බන්ධීකරණය සහ ආපදා කළමනාකරණය වෙනුවෙන් මෙම රැස්වීම පවත් වූ බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහ රෑ සංචාරකයින්ට තරු පෙන්නපු වන අලියා
01:01
Video thumbnail
කොටියව බේරගද්දි වෛද්‍යවරයාට නොසිතූ ප්‍ර#රයක්
01:03
Video thumbnail
"භූත කළුවා" ඝා#නය කිරීමේ සිද්ධියට සිව්දෙනෙක් කොටු
00:38
Video thumbnail
සජිත් හමුවෙන්න ආ විශේෂ අමුත්තෝ
00:58
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය
00:34
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න
01:02
Video thumbnail
ජනපති අනුර තම මව ගැන කිව්ව දේ - මගේ අම්මත් මේ රෝහලේ නේවාසිකව බෙහෙත් ගත්තා..අම්මව හොඳට බලාගත්තා
05:02
Video thumbnail
මුලතිව් ජනතාවගෙන් ජනපති අනුරට ලැබුණ ආදරය - මිනිස්සු වැස්සෙ තෙමීගෙන ජනපති ළඟට එයි
00:50
Video thumbnail
නාවලපිටියේ මාලිමා මන්ත්‍රීලා එකතුවෙලා සංවර්ධන ව්‍යාපෘති අරඹයි - කසළ බදුන් තියලා කට්ටිය Photo ගහයි
04:54
Video thumbnail
කන්තලේට මහ වැසි ඇදහැලුණු හැටි මෙන්න - කොහොමද වහින වැස්ස
01:11