ඊශ්‍රායල – ඉරාන නොසන්සුන්කාරී තත්ත්වය ගැන ශ්‍රී ලංකා රජයෙන් ප්‍රකාශයක්

පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්හි නිරත වන ලෙස ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබෙනවා.

දෙරට අතර කටයුතු සාමකාමීව සිදුකරන ලෙසත්, සාකච්ඡාවල නිරතවන ලෙසත්, නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් අනුගමනය කරන ලෙසත් ලංකාව ඉල්ලා සිටින බව අදාළ නිවේදනය මඟින් දක්වා ඇත්තේ.

මේ අතර ඊශ්‍රායල විසින් අද අලුයම් කාලයේ එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් 70 කට වැඩි පිරිසක් මිය ගිය බව ඉරාන මාධ්‍ය පවසනවා.

ඊට අමතරව තවත් 320 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය “නිල නොවන සංඛ්‍යාලේඛන” වාර්තා කරන්නේ.

ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සි කළමනාකරණය කරනු ලබන අතර, එය ඉරාන රජයේ අර්ධ නිල රාජ්‍ය මාධ්‍ය ලෙසයි සැලකෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.09
00:00
Video thumbnail
ශිරන්ති අක්ෂි රෝහලේ සිට නැවත වැලිකඩට - දැඩි ආරක්ෂාව මැද යන හැටි
01:24
Video thumbnail
ශිරන්ති රාජපක්ෂව වැලිකඩ සිට රජයේ අක්ෂි රෝහලවෙත රැගෙන ආ හැටි
01:19
Video thumbnail
නිදහස් පක්ෂය සහ පොහොට්ටුව අතර විශේෂ සාකච්ඡාවක් - දෙපක්ෂයේ ප්‍රබලයින් රැසක්ම එයි
01:45
Video thumbnail
අවන්හලක් රත්කළ වෙ# වරුසාවෙන් පසු එහි නවතම දර්ශන - ඥාතීන් ඇවිත් හඬා වැටෙයි
01:23
Video thumbnail
නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි
01:01
Video thumbnail
කාටත් හොරා කරපු නීති විරෝධී මත්පැන් නිෂ්පාදනාගාරයක් වටලයි - සැකකරු බඩුත් එක්කම කුදලන් එයි
01:06
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර ගැලවීම ගැන නීතීඥයෙක් හෙළිකරපු දේ - නිලධාරින්ට වරද පටවලා ?
06:25
Video thumbnail
නාගොඩ ප්‍රදේශයේ අඹුසැමි යුවලකට වෙ#
00:18
Video thumbnail
එකම තැන බිහිසුණු අනතුරු දෙකක්
01:47