ඊශ්‍රායල – ඉරාන නොසන්සුන්කාරී තත්ත්වය ගැන ශ්‍රී ලංකා රජයෙන් ප්‍රකාශයක්

පවතින නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික ප්‍රයත්නයන්හි නිරත වන ලෙස ශ්‍රී ලංකාව ඊශ්‍රායලයෙන් සහ ඉරානයෙන් ඉල්ලා සිටිනවා.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය මේ බව සඳහන් කර තිබෙනවා.

දෙරට අතර කටයුතු සාමකාමීව සිදුකරන ලෙසත්, සාකච්ඡාවල නිරතවන ලෙසත්, නොසන්සුන්කාරී තත්ත්වය සමනය කිරීම සඳහා රාජ්‍ය තාන්ත්‍රික මුලපිරීම් අනුගමනය කරන ලෙසත් ලංකාව ඉල්ලා සිටින බව අදාළ නිවේදනය මඟින් දක්වා ඇත්තේ.

මේ අතර ඊශ්‍රායල විසින් අද අලුයම් කාලයේ එල්ල කළ ගුවන් ප්‍රහාරයෙන් 70 කට වැඩි පිරිසක් මිය ගිය බව ඉරාන මාධ්‍ය පවසනවා.

ඊට අමතරව තවත් 320 කට වැඩි පිරිසක් තුවාල ලබා ඇති බවයි ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සිය “නිල නොවන සංඛ්‍යාලේඛන” වාර්තා කරන්නේ.

ඉරානයේ විප්ලවවාදී ආරක්ෂක බලකාය විසින් ෆාර්ස් ප්‍රවෘත්ති ඒජන්සි කළමනාකරණය කරනු ලබන අතර, එය ඉරාන රජයේ අර්ධ නිල රාජ්‍ය මාධ්‍ය ලෙසයි සැලකෙන්නේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තව අවු: 40කටවත් යන්නේ නෑ NPP එක - නිධානයක් උඩ ඉදගෙන හිඟා කකා හිටියේ අපි
05:07
Video thumbnail
ප#ළිගැනීම්වල ඉතිහාසය හෙළිකරපු ජනපති - තව මේ වාරේ අවු:3යි..තව වාර ගොඩක් තියෙනවා
05:20
Video thumbnail
"නොම්බර එකයි මහත්තයෝ ආ ආණ්ඩුව නියමයි"කහටගස්දිගිලියේ මිනිස්සුන්ගෙන් ජනපතිට ප්‍රශංසා
02:27
Video thumbnail
මේ ආණ්ඩුව වට්ටන්න කිසි ජගතෙක් ශ්‍රී ලංකා දේශපාලන භූමියේ නෑ - තෙමීගෙන ඉන්න ජනතාවට ජනපති දුන්න ගෞරවය
04:51
Video thumbnail
ජනපති යද්දි නොච්චියාගම මිනිස්සුන්ගෙන් ලැබුණ ආදරය - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:23
Video thumbnail
කුඩු කාරයන්ට ඕනි මේ ආණ්ඩුව එලවන්න - එයාලා හත්මුතු පරම්පරාවට පොදි බැඳගත්තා
09:48
Video thumbnail
ජනපති අනුර සහභාගී වන නොච්චියාගම මහා රැලිය
01:48:14
Video thumbnail
මිනිස්සු වැස්සේ තෙමීගෙන කෑගහද්දි ජනපති වේදිකාවට
01:18
Video thumbnail
මහ වැස්සේ තෙමීගෙන කහටගස්දිගිලිය රැළියෙන් ජනපති පිටව යයි
01:17
Video thumbnail
මම ජනපති විදියට ඉන්නේ ඇස් දෙක බැඳගෙන - හොරු අල්ලන්න සීමාවක් තියෙනවද ?නෑ සීමා රහිතයි මේක
04:19