ඊශ්‍රායලයේදී ශ්‍රී ලංකාවේ ආහාර ප්‍රදර්ශනයක්

ශ්‍රී ලංකාවේ ආහාර විවිධත්වය සම්බන්ධයෙන් ඊශ්‍රායලයේදී ආහාර ප්‍රදර්ශණයක් පවත්වා තිබෙනවා.

ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය විසින් ශ්‍රී ලංකාවේ සූපශාස්ත්‍ර විවිධත්වය ප්‍රදර්ශනය කරන මෙම ප්‍රදර්ශණය පවත්වා ඇත්තේ ටෙල් අවිව් හි පිහිටි ශ්‍රී ලංකා තානාපති නිමල් බණ්ඩාර මහතාගේ නිවසේ පැවැති උත්සවයකදීයි.

ටෙල් අවිව් හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කළේ මෙම උත්සවයේදී සම්ප්‍රදායික ආහාර වර්ග 32ක් ප්‍රදර්ශනය කර තිබෙනවා.

මෙම උත්සවයේ ආරාධිතයින් ලෙස ඊශ්‍රායලයේ සංචාරක ආයතනවල සාමාජිකයින්, මාධ්‍යවේදීන්, සූපශාස්ත්‍ර ලේඛකයින්, යූ ටියුබ්කරුවන්, බ්ලොග්කරුවන්, සමාජ මාධ්‍ය ක්‍රියාකාරීන්, ආගමන විගමන අධිකාරියේ නිලධාරීන්, විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ගුවන් තොටුපල අධිකාරිය ඇතුළත් වුණා.

ප්‍රධාන දේශනය පවත්වමින් තානාපති නිමල් බණ්ඩාර විසින් පැරණි උඩරට රාජධානිය දක්වා දිවෙන ශ්‍රී ලාංකේය ආහාර සංස්කෘතියේ අව්‍යාජත්වය ඉස්මතු කළ අතර මෙම කෑම වර්ග 32 පුරාණ ශ්‍රී ලංකාවේ රජවරුන්ට පවා පිළිගැන්වූ ආකාරය පැහැදිලි කර තිබෙනවා.

බොහෝ ඊශ්‍රායල ජාතිකයන් ශ්‍රී ලංකාවට පැමිණීමට කැමැත්තෙන් සිටින බැවින් ශ්‍රී ලංකාවේ ආකර්ෂණිය දර්ශන, වටිනා උරුමයන්, සංස්කෘතිය සහ විනෝදාත්මක ක්‍රියාකාරකම් ඇතුලුව ශ්‍රී ලංකාව ප්‍රවර්ධනය කිරීමේ විවිධ ක්‍රියාකාරකම් පවත්වන බව ද ඔහු සඳහන් කළා.

ආරාධිතයින්ගේ ඉල්ලීම්වලට ප්‍රතිචාර වශයෙන් නුදුරු අනාගතයේ දී සූපශාස්ත්‍ර පාඩම් සංවිධානය කිරීමට ද තානාපතිවරයා එකඟ වූ බව සඳහන්.

ඊශ්‍රායල – ආසියා වාණිජ මණ්ඩලයේ සභාපති Anat Bernstein-Reich සඳහන් කළේ වාණිජ මණ්ඩල සාමාජිකයින් සහ බොහෝ ව්‍යාපාරික ආයතන ආනයන සහ අපනයන යන දෙඅංශයෙන්ම ශ්‍රී ලංකාව සමඟ සම්බන්ධයක් ඇති කර ගැනීමට සතුටු වන බවයි.

එළැඹෙන ශ්‍රී ලංකා සංචාරයේදී ශ්‍රී ලංකා වාණිජ මණ්ඩල, ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලය සහ ශ්‍රී ලංකා සංචාරක ප්‍රවර්ධන කාර්යාංශය හමුවීමට කැමැත්තෙන් සිටින බවද ඇය සඳහන් කර තිබෙනවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14
Video thumbnail
පාරිභෝගිකයගේ පරිභෝජන රටාව අපිට බලපානවා - 1%ත් වඩා අඩුවෙන් විදුලියෙන් ධාවනය වන වාහන තියෙන්නේ
03:47
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි - එයාලා සීතල පුටුවල ඉන්නවා - අපි ජරාවේ ඉන්නවා
11:14
Video thumbnail
නුවරඑළිය තැපැල් කාර්යාලයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදුවෙන අයුරු - නිරීක්ෂණයට ආණ්ඩුකාරවරයාත් පැමිණෙයි
02:56
Video thumbnail
ලංගම ටයර් ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් ප්‍රබල අනාවරණයක් - රු. ලක්ශ 430ක මූල්‍ය අක්‍රමිකතාවක් ?
02:46