ඊයේ සවස ගෝල්ෆේස් මුහුදේ අතුරුදන් වූ සිසුවාගේ නිසල සිරුර හමුවෙයි

ගාලුමුවදොර ගසාගෙන ගොස් අතුරුදන්ව සිටි පාසල් සිසුවාගේ නිසල සිරුර වෙරළට ගොඩ ගසා තිබියදී සොයාගෙන තිබෙනවා.

ඊයේ සවස මාලිගාවත්ත ප්‍රදේශයේ ළමුන් පිරිසක් ගාලු මුවදුර මුහුදු තීරයේ දිය නාමින් සිටියදී 6 දෙනෙකු දියඹට ගසාගෙන ගිය අතර පස්දෙනෙක් බේරාගෙන දෙදෙනෙකු රෝහල් ගත කිරිමෙන් අනතුරුව එක් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබුණා.

ඒ අනුව අතුරුදන්ව සිටි අනෙක් දරුවාගේ සිරුරද මේ වන සොයාගෙන තිබෙනවා.