Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඉන්ධන මිල සංශෝධනය අද – සැළකිය යුතු ලෙස මිල පහළ යාමක් ?

ඉන්ධන මිල සූත්‍රයට අනුව මාසිකව සිදුකෙරෙන ඉන්ධන මිල සංශෝධනය අද (30) මධ්‍යම රාත්‍රියේ සිදුකිරීමට නියමිතයි.

ඒ, අනුව අද (30) සිදුකෙරෙන ඉන්ධන මිල සංශෝධනයේ දී සැළකිය යුතු ලෙස මිල පහළ යාමක් සිදුවනු ඇති බවයි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කළේ.

නව ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක පත්වීමෙන් පසු සිදුකෙරෙන පළමු ඉන්ධන මිල සංශෝධනය සිදුවන්නේ ද අද දිනයේ දී වීම විශේෂත්වයක්.

මේ අතර, අද වන විට ලෝක වෙළඳපොලේ බොරතෙල් මිල කැපී පෙනෙන ලෙස අඩු වී ඇති බව වාර්තා වනවා.

  1. මාලිමාවට ජය වේවා 💪💪💪
    අනුර කුමාර ජනපති තුමා දින දින වැජබේවා .මහ ඡන්දයත් වැඩිම මනාපයෙන් දිනේවා .