spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඉන්දු – පාකිස්ථාන තරගයට පෙර ගුවන් යානයකින් දුන් පණිවුඩය සමාජ මාධ්‍ය කළඹයි (වීඩියෝ)

පන්දුවාර 20-20 ලෝක කුසලාන තරගාවලියේ ඉන්දියාව සහ පාකිස්ථානය අතර තරගය ඊයේ (09) නිව්යෝර්ක් හි නසාවු ප්‍රාන්ත ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී පැවැත් වුණා.

මෙම තරගයෙන් ලකුණු 06ක තියුණු ජයක් වාර්තා කිරීමට ඉන්දියාවට හැකියාව ලැබුණා.

වර්ෂාව හේතුවෙන් විනාඩි 45ක පමණ ප්‍රමාදයකින් මෙම තරගය ආරම්භ වූ අතර, තරග ආරම්භයට මොහොතකට පෙර ක්‍රීඩාංගණයට ඉහළ අහසේ සිදුවූ සිදුවීමක් සම්බන්ධයෙන් මේ වන විට බොහෝ දෙනෙකුගේ අවදානය යොමුව තිබෙනවා.

ඉම්රාන් ඛාන් නිදහස් කරන්න‘ යනුවෙන් සඳහන් කළ බැනරයක් සහිත ගුවන් යානයක් නසාවු ප්‍රාන්ත ක්‍රීඩාංගණයට ඉහළින් පියාසර කිරීම මෙලෙස බොහෝ දෙනෙකුගේ අවදානයට යොමු වූ සිදුවීම බවට පත්ව තිබෙනවා.

මෙම සිදුවීම ක්‍රීඩාංගණයේ සිටි බොහෝ ප්‍රේක්ෂකයින්ගේ ජංගම දුරකථනවල සටහන්ව තිබු අතර, මේ වනවිට එය සමාජ මාධ්‍යවල සංසරණය වෙමින් පවතිනවා.

ගුවන් යානය සහ බැනරය සම්බන්ධයෙන් වගකිවයුත්තන් හිටපු අගමැතිවරයාගේ ආධාරකරුවන් විය හැකි නමුත්, ඔවුන්ගේ අනන්‍යතාවය තවමත් අනාවරණය වී නොමැති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

අදාළ සිදුවීම පහතින්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
2
+1
1
+1
2
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?