Rajapura Handi Oil
Rajapura Diabetic Powder

ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් සහ හිටපු ජනපති මහින්ද අතර හමුවක්

ශ්‍රී ලංකාවේ ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් මෛත්‍රේය කුල්කර්ණි සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතර හමුවක් ඊයේ (25) පස්වරුවේ කොළඹ දී පැවැත්වුණා.

ඒ හිටපු ජානාධිපති මහින්ද රාජපක්ෂගේ නිවසේ දී යි.

එහි දී, ද්විපාර්ශ්වික සබඳතා කෙරෙහි ද අවධානය යොමු කරමින් සුහද පිළිසඳර නිරත වී තිබෙනවා.

මෙවැනි හමුවීම් හරහා ද්විපාර්ශික මිත්‍රත්වය තවදුරටත් ශක්තිමත් වන බව හිටපු ජනාධිපතිවරයා සිය මුහුණුපොතේ සටහනක් එක්කරමින් පෙන්වා දී තිබෙනවා.

ඓතිහාසික, සංස්කෘතික සහ ආගමික බැඳීම් මත පදනම් වූ ශ්‍රී ලංකා – ඉන්දීය මිත්‍රත්වය පසුකාලීනව පුළුල් සහයෝගීතාවක් දක්වා වර්ධනය වෙමින් අප දෙරටේ අන්‍යෝන්‍ය යහපත හා සුබසිද්ධිය උදෙසා හේතු වූ බව ද හිටපු ජනාධිපතිවරයා එම සටහන මඟින් පෙන්වා දෙනවා.