ඉන්දීය කනිෂ්ඨ වොලිබෝල් ශූරතා කණ්ඩායම ශ්‍රී ලංකාවට

ඉන්දීය කනිෂ්ඨ වොලිබෝල් පිරිමි ශූරතාවය දිනූ තමිල්නාඩු ප්‍රාන්තයේ වොලිබෝල් කණ්ඩායම ප්‍රධාන තරග 05 කින් සමන්විත තරගාවලියකට සහභාගී වීම සදහා අද ශ්‍රී ලංකාවට පැමිණ තිබෙනවා.

ඔවුන් මෙම තරග ප්‍රධාන දිස්ත්‍රික්ක පහක පැවැත්වීමට සූදානම් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව අප්‍රේල් මස 01 දින ගම්පහ දිස්ත්‍රික් තරගය රදාවාන පොදු ක්‍රීඩාංගණයේදීත්, 2 වනදා කළුතර දිස්ත්‍රික් තරගය හොරණ මහජන ක්‍රීඩාංගණයේදීත්, 4 වනදා යාපනය දිස්ත්‍රික් තරගය පූතූර් මහජන ක්‍රීඩාංගණයේදීත්, 05 දින වව්නියා දිස්ත්‍රික් තරගය වව්නියා නගර සභා ක්‍රීඩාංගණයේදීත්, 06 දින කුරුණෑගල දිස්ත්‍රික් තරගය දඹදෙණිය මහජන ක්‍රීඩාංගණයේදීත් පැවැත්වීමට සංවිධායක මණ්ඩලය සැලසුම් කර තිබෙනවා.

නිලධාරීන්, පුහුණුකරුවන් ඇතුළු 17 දෙනෙකුගෙන් සමන්විත මෙම වොලිබෝල් කණ්ඩායම අද දහවල් 12.30 ට ඉන්දියාවේ චෙන්නායි නුවර සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබුණා.

ඔවුන් පිළිගැනීම සදහා ක්‍රීඩා අමාත්‍යාංශයේ මාධ්‍ය ලේකම් ප්‍රසන්න අධිකාරී මහතා ඇතුළු පිරිසක් ද, ශ්‍රී ලංකා වොලිබෝල් සම්මේලනයේ සහ ශ්‍රී ලංකා වෙරළ වොලිබෝල් සංගමයේ උසස් නිලධාරීන් පිරිසක් ද කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ සිටි බවයි අප වාර්තාකරු කියාසිටියේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
spot_img

දසත උණුසුම් වීඩියෝ පුවත්

Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

අපගේ නවතම පුවත්

සතියේ පලවු තවත් පුවත්

?