අමෙරිකානු ඩොලර් බිලියන 22.27ක වටිනාකමකින් යුත් ආරක්ෂක උපකරණ සහ අවි මිලදී ගැනීමේ යෝජනා සඳහා ඉන්දියාව ප්රතිපත්තිමය අනුමැතිය ලබාදී තිබෙනවා.
ඉන්දීය ආරක්ෂක අමාත්යාංශය සඳහන් කළේ, එරට ආරක්ෂක අත්පත් කර ගැනීමේ කවුන්සිලය විසින් ඉන්දීය රුපියල් ට්රිලියන 2.12ක වටිනාකමකින් යුත් මෙම මිලදී ගැනීම් සඳහා අනුමැතිය ලබාදී ඇති බවයි.
ඒ යටතේ ඉතා කෙටි දුර ගුවන් ආරක්ෂක පද්ධති, ඩ්රෝන යානා මැඩපැවැත්වීමේ පද්ධති, නිරීක්ෂණ හා ප්රහාරක පද්ධති මෙන්ම දිගුදුර ප්රහාර සඳහා යොදාගත හැකි මරාගෙන මැරෙන ඩ්රෝන යානා ද මිලදී ගැනීමට නියමිතයි.
මෙම අනුමැතිය ඉන්දියාවේ ආරක්ෂක හැකියාවන් තවදුරටත් ශක්තිමත් කිරීමේ වැඩපිළිවෙළේ කොටසක් වන අතර, අදාළ මිලදී ගැනීම් සඳහා ප්රතිපත්තිමය අනුමැතිය ලබාදී ඇති බව රොයිටර් පුවත් සේවය වාර්තා කරනවා.
