ඉන්දියාවේ පසු වසර 10ක කාලයක් සිරදඬුවම් ලබා එම දඩුවම අවසන් වීමෙන් පසු මෙරටට පිටුවහල් කරන ලද එල්.ටී.ටී.ඊ. සංවිධානයේ හිටපු සමාජිකයෙක් ඊයේ (29) දින මල්ලාකම් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මුදාහැර තිබෙනවා.
එල්.ටී.ටී.ඊ. සංවිධානය ප්රතිසංවිධානය කිරීම සම්බන්ධයෙන් 2015 වර්ෂයේ දී ඉන්දියානු ආරක්ෂක අංශ මඟින් මොහු අත්අඩංගුවට ගෙන තිබූ අතර,ඉන්දීය අධිකරණයේ පැවති නඩු විභාගයකදී වරදකරුව මෙලෙස සිරදඬුවම් නියමව සිටියා.
අදාළ දඬුවම් කාලය ගෙවාදැමීමෙන් පසු 50 හැවිරිදි කන්දසාමි ක්රිශ්ණකුමාර් නැමැති ඔහුව මෙරටට පිටුවහල් කර ඒවා තිබුණා.
අදාළ පුද්ගලයා පසුගිය 26 වනදා රාත්රී කටුනායක බණ්ඩාරනායක ජාත්යයන්තර ගුවන්තොටුපොළ වෙත පැමිණීමෙන් අනතුරුව ත්රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගෙන පැය 72 රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන සිදුරනු ලැබුවා.
අනතුරුව ඔහුව ඊයේ (29) දින මල්ලාකම් මහේස්ත්රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි මෙලෙස මුදාහැර ඇත්තේ.
නඩුව නැවත කැඳවීම 2026.11.12 දිනට නියමිතව තිබෙනවා.
