ඇෆ්ගන් භූමිකම්පාවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ඉන්දියාව සහ එක්සත් රාජධානිය පෙරට එයි

ඉරිදා රාත්‍රී නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ මැග්නිටියුඩ් 6.0ක භූමිකම්පාවෙන් 800 කට අධික පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය මූලික වාර්තා උපුටා දක්වමින් පවසනවා.

භූමිකම්පාවෙන් කඳුකර කුනාර් පළාතට බරපතළ හානි හානි සිදුවුණා

අවහිර වූ මාර්ග හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් දුෂ්කර වී ඇති අතර, හෙලිකොප්ටර් මගින් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ළඟාවීමට උත්සාහ කරමින් සිටිනවා.

බොහෝ දෙනෙක් තවමත් සුන්බුන් යට සිරවී සිටින බැවැනි මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි අතර, නිලධාරීන් පවසන්නේ ඇතැම් ගම්මාන මුලුමනින්ම විනාශ වී ඇති බවයි.

තලේබාන් සංවිධානය ජාත්‍යන්තර ආධාර ඉල්ලා ඇති අතර, එක්සත් රාජධානිය පවුම් මිලියනයක සහන අරමුදල් ලබාදෙන බවට පොරොන්දු වී ඇති නමුත් එම මුදල් තලේබාන්වරුන්ගේ අතට නොයන බව අවධාරණය කළා.

ඉන්දියාව කාබුල් වෙත පවුල් කූඩාරම් 1,000 ක් ලබා දී ඇති බව එහි විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් සඳුදා X හි සටහනක් තබමින් පැවසුවා.

ඒ, තලේබාන් විදේශ කටයුතු අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි සමඟ පැවති දුරකතථන සංවාදයකින් පසුවයි.

භූමිකම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ කුනාර් පළාතට කාබුල් සිට කුනාර් පළාතට ආහාර ටොන් 15 ක් ගෙනයාමට ද ඉන්දියාව උදව් කරන බවත්, ඉන්දියාව තවත් සහන ද්‍රව්‍ය යවන බවත් ඔහු පැවසුවා.

“තුවාල ලැබූවන්ට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා. මේ දුෂ්කර අවස්ථාවේදී ඉන්දියාව ඇෆ්ගනිස්ථානය සමඟ සිටිනවා,” යනුවෙන් ජයිශංකර්ගේ x සටහනේ වැඩිදුරටත් දැක්වුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?