ඇෆ්ගන් භූමිකම්පාවෙන් විපතට පත් වූවන් වෙනුවෙන් ඉන්දියාව සහ එක්සත් රාජධානිය පෙරට එයි

ඉරිදා රාත්‍රී නැගෙනහිර ඇෆ්ගනිස්ථානයට බලපෑ මැග්නිටියුඩ් 6.0ක භූමිකම්පාවෙන් 800 කට අධික පිරිසක් මියගොස් ඇති බව එක්සත් ජාතීන්ගේ මානුෂීය ඒජන්සිය මූලික වාර්තා උපුටා දක්වමින් පවසනවා.

භූමිකම්පාවෙන් කඳුකර කුනාර් පළාතට බරපතළ හානි හානි සිදුවුණා

අවහිර වූ මාර්ග හේතුවෙන් ගලවා ගැනීමේ මෙහෙයුම් දුෂ්කර වී ඇති අතර, හෙලිකොප්ටර් මගින් බලපෑමට ලක් වූ ප්‍රදේශවලට ළඟාවීමට උත්සාහ කරමින් සිටිනවා.

බොහෝ දෙනෙක් තවමත් සුන්බුන් යට සිරවී සිටින බැවැනි මරණ සංඛ්‍යාව සැලකිය යුතු ලෙස ඉහළ යා හැකි අතර, නිලධාරීන් පවසන්නේ ඇතැම් ගම්මාන මුලුමනින්ම විනාශ වී ඇති බවයි.

තලේබාන් සංවිධානය ජාත්‍යන්තර ආධාර ඉල්ලා ඇති අතර, එක්සත් රාජධානිය පවුම් මිලියනයක සහන අරමුදල් ලබාදෙන බවට පොරොන්දු වී ඇති නමුත් එම මුදල් තලේබාන්වරුන්ගේ අතට නොයන බව අවධාරණය කළා.

ඉන්දියාව කාබුල් වෙත පවුල් කූඩාරම් 1,000 ක් ලබා දී ඇති බව එහි විදේශ අමාත්‍ය සුබ්‍රමනියම් ජයශංකර් සඳුදා X හි සටහනක් තබමින් පැවසුවා.

ඒ, තලේබාන් විදේශ කටයුතු අමාත්‍ය අමීර් ඛාන් මුත්තකි සමඟ පැවති දුරකතථන සංවාදයකින් පසුවයි.

භූමිකම්පාවෙන් දැඩි ලෙස පීඩාවට පත් වූ කුනාර් පළාතට කාබුල් සිට කුනාර් පළාතට ආහාර ටොන් 15 ක් ගෙනයාමට ද ඉන්දියාව උදව් කරන බවත්, ඉන්දියාව තවත් සහන ද්‍රව්‍ය යවන බවත් ඔහු පැවසුවා.

“තුවාල ලැබූවන්ට ඉක්මනින් සුවය ප්‍රාර්ථනා කරනවා. මේ දුෂ්කර අවස්ථාවේදී ඉන්දියාව ඇෆ්ගනිස්ථානය සමඟ සිටිනවා,” යනුවෙන් ජයිශංකර්ගේ x සටහනේ වැඩිදුරටත් දැක්වුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු
01:18
Video thumbnail
සද්දේ දාගෙන කුරුඳුවත්තේ සෙල්ලම් දැම්ම සැප රියක් පොලිසියට කොටු - සුනඛයන් දාලා පරික්ෂා කරයි
02:22
Video thumbnail
වෑන් රථයක් මාර්ගයෙන් ඉවතට පැන සිදුවූ අනතුරකින් 07ක් රෝහලේ - අධිබලැති කණුවකුත් කඩාගෙන ගිහින්
01:30
Video thumbnail
සෙවනගල සීනි කර්මාන්තශාලාව ගැන සභාපතිගෙන් හෙළිදරව්වක් - කඩාකප්පල්කාරි වැඩ කරන්න එපා
07:55
Video thumbnail
යාපහුව රාජධානිය ප්‍රතිනිර්මාණය කරන්න රජයෙන් මුදල් වෙන් කළා - කෞතුකාගාරයක් දාන්න නියමිතයි
05:10
Video thumbnail
සජිත් හෙළිකරපු ආණ්ඩුවේ ගිනස් වාර්තාව - මේ ආණ්ඩුව සම්මානලාභී බොරුකාරයෝ
04:51
Video thumbnail
පිටි මිල වැඩි කිරීම නිසා මිනිස්සුන්ට යකා නගියි - බැරිනම් දමලා පලයල්ලා..ආණ්ඩුවක් නෙවෙයි පාන්ඩුවක්
03:33
Video thumbnail
තිරිඟු පිටි මිල ඉහළ යෑම ගැන වෙළෙඳ නියෝජ්‍ය ඇමති මාධ්‍යට හෙළිකල දේ - වැඩි වෙන්න හේතු කිහිපයක් තියෙනවා
03:58
Video thumbnail
ඡන්දයට කළින් තුන්වේලම හිටියේ චැනල් ඉස්සරහා..එතකොට දිරෙව්වා - ජනතාවට දැන් ආණ්ඩුව දිරවන්නේ නෑ
01:09
Video thumbnail
කිසිදු රාජ්‍ය නායකයෙක් මේ ව්‍යාපෘතියට මෙච්චර උදව් කළේ නෑ - හිමි නමක් ජනපතිට ප්‍රශංසා කරයි
04:41