ඇවිලුණු ගින්න නිවාදැමූ හලාවත රෝහලේ සුව විරුවෝ (ඡායාරූප)

හලාවත මහ රෝහල ආසන්නයේ ඉඩමක ඇති වූ ගින්නක් පැතිර යාමට නොදී පාලනය කිරීමට රෝහල් සේවකයින් සහ ආරක්ෂක අංශ සමත්ව තිබෙනවා.

ඊයේ (23) රාත්‍රි කාලයේ මෙම ගින්න හට ගෙන ඇති අතර, රෝහල පිටුපස සායණික අපද්‍රව්‍ය ගොඩගසා ඇති ස්ථානයට යාබදව පිහිටි ඉඩමක මෙම ගින්න හටගෙන ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

න්න හට ගැනීමත් සමඟ වහාම ක්‍රියාත්මක වී ඇති රෝහල් කාර්ය මණ්ඩලය, ආරක්ෂක අංශ නිලධාරීන් සහ හලාවත නගර සභාවේ ගිනි නිවන ඒකකය පැතිර යමින් තිබූ ගින්න පාලනය කිරීමට කටයුතු කර තිබෙනවා.

හටගත් ගින්න පාලනය නොකළේ නම් රෝහල් පරිශ්‍රයට සහ ඒ අසළින් ඇද තිබූ අධිබලැති විදුලි රැහැන් පද්ධතියට ද හානි සිදුවීමට ඉඩ තිබූ බවයි ප්‍රදේශවාසීන් සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
පට්ට !
2
අවුල් වගේ !
0
හරි හිනා !
0
හම්මෝ !
1
මාර දුකයි !
0
මලපනිනව !
0
කුජීතයි !
0
spot_img
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
spot_img

සතියේ ජනප්‍රියම පුවත්

අපගේ නවතම පුවත්

?