spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ඇමරිකානු වීසා ප්‍රතික්ෂේප වූ සන්දීප් නේපාල කණ්ඩායමේ අවසන් තරග දෙකට කැඳවයි

වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප වීම හේතුවෙන් මෙවර විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලිය අහිමිව සිටි නේපාල ක්‍රීඩක සන්දීප් ලමිච්චනේ ලෝක කුසලාන සංචිතය සමඟ එක්වන බව නේපාල ක්‍රිකට් සංගමය අද ප්‍රකාශ කළා.

අවස්ථා දෙකකදී ඇමරිකානු වීසා බලපත්‍රය ප්‍රතික්ෂේප වූ සන්දීප් ලමිච්චනේ ලෝක කුසලානය සඳහා බටහිර ඉන්දීය කොදෙව් දූපත් බලා පිටත්ව ගොස් නේපාල කණ්ඩායමට එක්වනු ඇති බවයි නේපාල ක්‍රිකට් ලේකම් පරස් ඛඩ්කා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

ඒ, අනුව බටහිර ඉන්දීය කොදෙව්හි දී පැවැත්වෙන මූලික වටයේ නේපාලයට ඉතිරිව ඇති තරග තුනෙන් අවසන් තරග දෙක සඳහා මෙම දඟ පන්දු යවන ක්‍රීඩකයා නේපාල කණ්ඩායමට ක්‍රීඩා කරනු ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

ලෝක කුසලාන තරගාවලියේ නේපාලය සහභාගී වන මූලික වටයේ අවසන් තරග දෙක දකුණු අප්‍රිකාවට සහ බංග්ලාදේශයට එරෙහිව බටහිර ඉන්දීය කොදෙව් දූපත්වල කිංග්ස්ටන් හිදී පැවැත්වෙනවා.

කෙසේ වෙතත් ඔහුට නේපාල කණ්ඩායම මුහුණ දෙන මීළඟ තරගය වන ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන තරගය සඳහා එක්වීමට අවස්ථාව අහිමිව යන්නේ එම තරගය ඇමරිකාවේ ෆ්ලොරිඩා හි ලෝඩර්හිල් හිදී පැවැත්වීම හේතුවෙන්.

සන්දීප් ලමිච්චනේට ඇමරිකාවට ඇතුළුවීමට වීසා බලපත්‍රය නොලැබී ගිය ද බටහිර ඉන්දීය කොදෙව් දේශයට ඇතුළුවීමේ වීසාවල ගැටළුවක් ඇති වූයේ නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?