ඇමති නලින්දගෙන් නිරෝෂන් පාදුක්කට රුපියල් බිලියනයක එන්තරවාසියක්

සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍ය, පාර්ලිමේන්තුවේ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සහ කැබිනට් මාධ්‍ය ප්‍රකාශක වෛද්‍ය නලින්ද ජයතිස්ස විසින් හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රී අජන්ත නිරෝෂන් පාදුක්ක වෙත රුපියල් බිලියනයක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යොමු කර තිබෙනවා.

නීතිඥ සම්පත් යාලෙවත්ත මගින් යොමු කර ඇති මෙම එන්තරවාසියට පදනම් වී ඇත්තේ, 2026 පෙබරවාරි 01 වනදා හෝ ඒ ආසන්න දිනකදී නිරෝෂන් පාදුක්ක විසින් පවත්වන ලද මාධ්‍ය සාකච්ඡාවකදී සිදුකළ ප්‍රකාශයක්.

එම මාධ්‍ය සාකච්ඡාවේදී නිරෝෂන් පාදුක්ක විසින් වෛද්‍ය නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සම්බන්ධයෙන් සිදුකර ඇති පහත සඳහන් ප්‍රකාශයන් මෙම නෛතික පියවරට හේතු වී ඇත.

අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙරට අසාධු ලේඛනගත (Blacklisted) ඖෂධ සමාගමක අයිතිකරුවෙකුගේ ණය කාඩ්පතක් (Credit Card) භාවිතා කර ඇති බවත්, එම ණය කාඩ්පත භාවිතා කරමින් අමාත්‍යවරයා ඉන්දියාවේදී රුපියල් මිලියනයක පමණ භාණ්ඩ මිලදී ගෙන ඇති බවත්ය.

එසේම මෙම ගනුදෙනුව සම්බන්ධයෙන් අමාත්‍යවරයා වහාම කරුණු හෙළි කළ යුතු බවත්, ඔහු ධුරයෙන් ඉල්ලා අස්විය යුතු බවත්ය.

මෙම චෝදනා සම්පූර්ණයෙන්ම පදනම් විරහිත සහ අසත්‍ය බව නලින්ද ජයතිස්ස අමාත්‍යවරයා සිය නීතිඥවරයා මාර්ගයෙන් අවධාරණය කර සිටිනවා.

එම එන්තරවාසියට අනුව:

අමාත්‍යවරයා කිසිදු අවස්ථාවක එවැනි ණය කාඩ්පතක් භාවිත කර නොමැති අතර, මෙය ද්වේශසහගතව නිර්මාණය කරන ලද අසත්‍ය චෝදනාවකි.

මෙම ප්‍රකාශය මගින් අමාත්‍යවරයා දූෂිත අයෙකු බවත්, ඔහු සෞඛ්‍ය අමාත්‍ය ධුරයට නුසුදුස්සෙකු බවත් මහජනතාවට හැඟවීමට උත්සාහ කර ඇත.

දීර්ඝ කාලීන දේශපාලන ජීවිතය තුළ නිකැළැල් චරිතයක් පවත්වාගෙන ගිය අමාත්‍යවරයාගේ කීර්ති නාමයට මින් දැඩි හානියක් සිදුව ඇති බවද එහි සඳහන් වේ.

ඒ අනුව මෙම අපහාසාත්මක ප්‍රකාශය හේතුවෙන් සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියනයක මුදලක් මෙම එන්තරවාසියේ දින සිට (2026.02.02) දින 14ක් ඇතුළත ගෙවන ලෙස නිරෝෂන් පාදුක්කට දැනුම් දී තිබෙනවා.

එසේ ගෙවීම පැහැර හැරියහොත් නීතිමය පොළිය සහ නඩු ගාස්තු සහිතව එම මුදල අය කර ගැනීමට අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව එම ලේඛනය මගින් වැඩිදුරටත් දන්වා තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
1
+1
2
+1
0
+1
0
+1
1
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොහොමද දිලිත්ගේ කාන්තා බලය
02:10
Video thumbnail
හැමෝම කතාවුණ බෝගම්බර සහ මහමෝදර බන්ධනාගාර කිරීමක් වෙනවද ?ළඟම තිබුණ පිළිතුර තමයි මේක
01:51
Video thumbnail
ගොවියෝ ජනපති මන්දිරය වටලන එක නවත්තන්න බෑ රජෝ
07:48
Video thumbnail
පාරම්පරික හෙළ වෛද්‍යවරුන් කොළඹ වටලයි
08:14
Video thumbnail
මීගමුවෙන් රැගෙන ගිය රැදවියන්ට ප#රදීලා ම#ලද ? බන්ධනාගාර සිද්ධියට කළින් ඇතුළේ වෙච්ච දේ මෙන්න..
10:41
Video thumbnail
ටිල්වින්ගේ ප්‍රකාශයට නලින්ද කිව්ව සැර කතාව - ඉක්මනින් පළාත් සභා තියෙනවා..සල්ලිවල කිසි ප්‍රශ්නයක් නෑ
04:27
Video thumbnail
කටාර් හිටපු එමීර්වරයාගේ අභාවය වෙනුවෙන් දිලිත් ශෝකය පළ කරයි
01:50
Video thumbnail
ගොවියන්ගේ ප්‍රශ්න සියල්ලටම කැබිනට් හමුවේ පිළිතුරු දෙයි - ඉඩ මදි වුණොත් පුද්ගලික වී ගබඩා ගන්නවා
08:07
Video thumbnail
එදා සම්පතක් වූ ගොවියා අද ආණ්ඩුවට හිසරදයක් වෙලා
04:20
Video thumbnail
බයික් එකක් ය#කරගෙන ගිය කාර් රථය නැවතුණු තැන
01:23