ඇප කොන්දේසි පුරාලීමට නොහැකිව හිටපු ඇමති රෝහිත යළි බන්ධනාගාරයට

දූෂණ චෝදනා එල්ල වී ඇප මත මුදා හැරීමෙන් පසු නඩු විභාගයට පෙනී නොසිටිම හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කරනු ලැබුවා.

කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල විසින් මෙම නියෝගය නිකුත් කළා.

කෙසේ වෙතත් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම නිසා විත්තිකාර හිටපු අමාත්‍යවරයා නැවත බන්ධනාගාරය වෙත රැගෙන ගියා.