ඇත් දළ විකිණිල්ල පොලිසියට මාට්ටු

ඇත් දළයක් විකිණීමට රැගෙන ආ පුද්ගලයකු බේරුවල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

හමුදා බුද්ධි අංශ නිලධාරීන්ට ලද තොරතුරක් මත අද (15) පස්වරුවේ බේරුවල ඉන්ධනහල අසල දී මෙම පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

අදාළ සැකකරු බේරුවල ප්‍රදේශයේ ව්‍යාපාරිකයකුට නීති විරෝධී අයුරින් මෙම ඇත් දළය විකිණීමට රැගෙනවිත් ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

අත්අඩංගුවට ගැනුණු සැකකරු යස අවුරුදු 49ක මාතර, ඌරුබොක්ක ප්‍රදේශයේ පදිංචිකරුවෙක් බවයි වාර්තා වුණේ.

සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06
Video thumbnail
හිරගෙවල් පෙන්නලා අපිව බය කරන්න බෑ
11:53
Video thumbnail
කවුරුත්ම කළබල වෙන්න එපා පියවරෙන් පියවර විසඳනවා - මේ අවුරුද්දට 1035000 වැව් හදනවා..ඇත්ද ?
10:49
Video thumbnail
'අපේ ආණ්ඩුව' 'වසර දෙකයි - රටට සුබයි' | ගොවි රැලිය
02:47:40
Video thumbnail
නාමල්ගේ ගමන හිරේ දාලා නවත්වන්න බෑ
05:40
Video thumbnail
තෙල්, ගෑස් හිඟවෙයි කිව්වා..හැබැයි එක තෙල් පෝළිමක් ඇතිවුණේ නෑ - පවුල් පිටින්ම ආපු ඒවා අහුවෙනවා හොද
08:45
Video thumbnail
ජනපති අනුර රැළියෙන් පිටව ගිය හැටි - මිනිස්සු පොරකකා ජනපති ළඟට එයි
02:36
Video thumbnail
නාමල් හිරේ ඉඳන් යැව්ව පණිවුඩය
09:08
Video thumbnail
රට එක්සේසත් කළ ජාතියේ ආදරණීය අප්පච්චී මහින්ද රාජපක්ෂ...
00:16